කාලා කාල මහත් වුන ලොව තරබාරුම සතුන් 6 ක්
අද වෙද්දි සමහර අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමා තරබාරු බව. අපි සිතන්නේ මේ තරබාරු වීමේ ගැටළුව තියෙන්නෙ මිනිස්සුන්ට විතරයි කියලනේ. ඒත් ලොව තරබාරුම සත්තු කිහිප දෙනෙක් ඉන්නවා.
අපි මේ සත්ව වර්ග අට දකින්නෙ සාමාන්‍ය ප්‍රමාණයේ සතුන් විදියට වුණාට මෙයාලගෙන් එක එක්කෙනා තරබාරු කමින් පීඩා විඳ තිබෙනවා. ඒත් මේ අය කාලයක් ගිහින් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා ව්‍යායාම නිසා. ඉතිං අද අපි බලමු ලොව තරබාරු කමින් වැඩිම සත්තු කිහිප දෙනෙක් ගැන.
1ගාෆීල්ඩ්

අපි බලන ගාෆීල්ඩ් කාටූන් එකේ පූසත් නිතරම කෑම කව පූසෙක්නෙ. ඉතිං මේ ඇත්තම ගාෆීල්ඩ් පූසත් කෑම නිසා තරබාරු වුන කෙනෙක්. සුරතල් සතුන්ගේ කෑම ගැනත් අයිතිකාරයො සැලකිලිමත් වෙන්න ඕන. නැත්නම් ඉතිං ලෙඩරෝග හැදෙනවා.
ඉතිං මේ ගාෆීල්ඩ් පූසගේ අයිතිකරු 2012 දී මිය යනවා. ඒ නිසා ගාෆීල්ඩ් පූසා බලා ගන්න කෙනෙක් නැති වුණා. මේ නිසා එයාව ඇමරිකාවේ නිව්යෝර්ක් වල සතුන් රැක බලා ගන්න මධ්‍යස්ථානයකට ගෙනත් බර කිරලා බැලුවා. දැනගන්න ලැබුණේ මේ පූසා 18Kg බර බව. එදා සිට ලොව බර වැඩිම පූසා විදියට මේ ගාෆීල්ඩ් නම් කළා. කොහොමහරි මධ්‍යස්ථානය තුළදී මේ පූසාගේ බර 6kg කින් අඩු කරන්න සමත් වුණා.
2 ඕඩි

ගාෆීල්ඩ් කාටූන් එකෙත් ඕඩි ඉන්නවනේ. එයා නම් තරබාරු කෙනෙක් නෙමේ. ඒත් මේ ඕඩි කියන බල්ලා තමා අවුරුදු ගාණක් යනකම් ලොව සිටිය තරබාරුම සුනඛයා. මේ ඕඩි ඩඩ්සන් කුලයේ බල්ලෙක්.මේ වර්ගයේ බල්ලන් කෑම පාලනයක් දන්නේ නෑ. තියෙන හැම දේම කනවා.
ඕඩිගෙ අයිතිකාරයන් ටිකක් මහළු යුවලක්. ඉතිං එයාලට ඕඩිව ඇවිදින්න එක්ක යන්න බැරි වුණා. ඕඩි කෑම කාලා කාලා තරබාරු වුණා. මේ ඩඩ්සන් වර්ගයේ බල්ලන් කුඩා දිගු වර්ගයක්. ඉතිං තරබාරු වුණාම මේ අයගේ බඩ බිම ඇදෙන අතර ඇවිදගන්න එක ඉතා අමාරු වෙනවා. ඕඩිට වුණෙත් ඒ දේමයි. ඕඩි මේ වර්ගයේ අනිත් සුනඛයන් වගේ තුන් ගුණයක් මහත් වෙලා. ඉතිං මේ විදියට අර මහළු යුවළට ඕඩිව බලා ගන්න බැරි නිසා ඕඩිව පශුවෛද්‍ය වරියකට හදාගන්න දීලා. ඇය මිනිසුන්ගෙන ආධාරත් එකතු කරලා මේ ඕඩිව බලාගෙන.
කොහොමහරි අන්තිමට මේ පශුවෛද්‍යවරිය ඕඩිගෙ බර 19kg කින් බර අඩු කරලා සාමාන්‍ය ඩඩ්සන් වර්ගයේ බල්ලෙක්ගෙ ප්‍රමාණයට අරන්.
3 ඕෂයින්

ඕෂයින් කියන්නේ ඉන්දුනීසියාවේ සතුතුවත්තක සිටිය ඔරන්ඔටා කෙනෙක්. මේ ඕෂයින්ව කාලෙකදී දකුණු අප්‍රිකානු යුවලක් හදා ගන්න ගත්තා. ඉතිං එයාලා ඕෂයින්ට හොඳට කන්න බොන්න දීලා බලා ගත්තා. හැබැයි කෑම සීමාවක් නම් තිබුනෙ නෑ. මේ නිසා ඕෂයින් අධික තරබාරු වුණා. ගෙදර අයට ඕෂයින්ව බලා ගන්න බැරි වුණා. ඒ නිසා ඕෂයින්ව 2010 දි එංගලන්තයේ සත්තු බලා ගන්න තැනකට භාර දුන්නා. ඒ දෙන විට ඕෂයින් 75kg ක් වගේ බරකින් සිට තිබේ. කෑම පාලනය කරලා කොහාමහරි ඕෂයින්ව බර අඩු කරලා තියෙනවා.
4 තම්බලීනා

තම්බලීනා කියන්නේ අන්තර්ජාලය තුළ බොහොම ජනප්‍රිය කෙනෙක්. මෙයා පුංචි ලේනෙක්. පුංචි කීවට අනිත් ලේනුන්ට වඩා නම් ගොඩක් ලොකුයි. මේ ලේනාට ඉන්සටග්‍රෑම් වල ෆලෝවස්ලා ලක්ෂ දෙකක් විතර ඉන්නවා. කොහොමහරි ලොව විශාලම ලේනා තමා තම්බලීනා.
තම්බලීනා හමුවෙන්නේ 2016 දී. ඒ නිවාස සංකීර්ණයක ගස් කපන විට. එවිට තම්බලීනාගේ කූඩුවත් විනාශ වෙලා. තම්බලීනා හා එයාගේ සහෝදරයාව ක්‍රිසටිනා කියන කෙනාට හම්බෙලා. එතකොට නම් මෙයාලා ඉපදුන ගමන් වගේ. ඉතිං ක්‍රිස්ටිනා ලේන පැටව් දෙන්නව රැක බලාගෙන. හැබැයි එක ලෙනෙක් මියගිහින්. ඉතුරු වුණේ මේ තම්බලීනා. තම්බලීනා සැප පහසුවට හැදී වැඩුණා වගේම කෑම හොදටම කාලා තමා මෙහෙම තරබාරු වෙලා තියෙන්නේ. මේ තම්බලීනාගේ බර 1kg ක් විතර කියලා කියනවා.
5 අංකල් පැටී

අංකල් පැටී ඉන්නේ තායිලන්තයේ. මෙයා රිලවෙක්. 2016 දි මෙයාගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා. බොහෝ ආහාර ගැනීම, ක්ෂණික ආහාර නිසා තමා මේ අංකල් පැටී තරබාරු වෙලා තියෙන්නේ. මිනිස්සු මෙයාට ගොඩක් ආහාර දෙනවලු. ඒ නිසා තමා මෙයා මේ තරම් මහත. මෙයාගෙ බර 27kg ක් විතර වෙනවා.
ඉතිං මිනිස්සු මෙයාට මොකක් හරි ලෙඩක් වෙන්න ඇති කියලා බලධාරීන් දැනුවත් කරලා. මෙයාට කිසිම ලෙඩක් නැති බවත් අධික ආහාර ගැනීම තමා මේ විදියට වෙන්න හේතුව කියලා හොයාගෙන තියෙනවා. පසුව වනජීවි නිළධාරින් එකතු වෙලා ව්‍යයායාම කරලා මෙයාගෙ බර අඩු කරලා.
6 ග්‍රේස් වයිට් මෝරා

ග්‍රේස් වයිට් වර්ගයේ මෝරුන් තමා සාගරයේ සිටින විශාල ම විලෝපිකයන් වර්ගය. මොවුන් සාගරය තුළ දඩයම් නොකරන සතෙක් නොමැති තරම්. මේ මෝරා අඩි 20ක විතර දිග අතර 2250Kg විතර බරකින් යුක්තයි. ඒත් අධික ලෙස ආහාර ගන්න පෙළඹුන මෝරෙක් සිටිනවා. මේ මෝරා හමුවෙලා තියෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. කිමිදුම්කරුවන් කිහිප දෙනෙක්ට මේ මෝරා දකින්න ලැබිලා තියෙනවා. ඔවුන් කියන්නේ මේ ග්‍රේස් වයිට් මෝරා අඩි 30ක් විතර දිග බවත් 3000kg පමණ බර ඇති බවත්. ඉතිං මේ අසාමාන්‍ය බව නිසා ලොව විශාල ම සත්වයෙක් විදියට මේ ග්‍රේස් වයිට් මෝරා හඳුන්වනවා.