The Lanka Post

Official Lanka Post Blog

ඇන්තූරියම් සාර්ථකව වගා කරන විදිය

ගෙවතු අලංකරණයටත් විශේෂ අවස්ථාවලටත් එක සේ භාවිතා කළ හැකි මල් වර්ගයක් තමයි ඇන්තූරියම් කියන්නේ. ඒ විතරක් නෙවෙයි අපනයනයෙන් පවා ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි ඇන්තූරියම් වගාවට බොහෝ  අය වැඩි කැමැත්තක් දක්වනවා. වෙනත් මල්වලට කාලයෙන් කාලයට පවතින් ජනප්‍රියත්වය වෙනස් වුණත් ඇන්තූරියම් මල්වලට ඇති ජනප්‍රියත්වය දවසින් දවස වැඩි වෙනවා මිස අඩුවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම ඉහළ අදායමක් උපයා ගන්නට ඇන්තූරියම් වගාව වඩාත් සුදුසුයි. විවිධ වර්ණවලින් දකින්නට ඇති ඇන්තූරියම්වලින් වැඩි ඉල්ලුමක් ඇත්තේ රතු පැහැ වර්ණ මල්වලටයි. ඇන්තූරියම් අතර මල් සඳහා වගා කරන වර්ගයක් සහ පත්‍රවල විචිත්‍ර බව නිසා වගා කරන වර්ගයක් ද පවතිනවා. නමුත් ආර්ථික වාසි සඳහා වැඩි වශයෙන් වගා කරන්නේ මල් සඳහා වන ඇන්තූරියම්.

පස සහ දේශගුණික අවශ්‍යතා 

ඇන්තූරියම් වගාවට අවශ්‍ය පෝෂණ කොටස් | සිළුමිණ
  • මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් දක්වා කලාපයේ ඇන්තූරියම් වගාව සාර්ථකව කරන්නට හැකියි.
  • උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ක් ද ආර්ද්‍රතාවය 75% ක් ද විය යුතුයි.
  • ජලය බැස යන පසක ඇන්තූරියම් වගාව සඳහන් වඩාත් සුදුසුයි.
  • ඇන්තූරියම් ශාකය වැඩි වශයෙන් සෙවණ ප්‍රිය කරන ශාකයක් නිසා මේ වගාවට 70% ත් 75% ත් අතර සෙවණක් අවශ්‍ය වෙන අතර තරමක් අඳුරු ආලෝකයක් ද අවශ්‍ය  වෙයි.

පැල ලබා ගැනීම 

ඇන්තූරියම්. මලවල මැජික් ගුණාංග
  1. මෙහිදි කඳ කැබලි සහ මොරෙයියන් සිටුවීමෙන් පැළ ලබා ගන්නට හැකියාව පැවතුණත් කෙටිකාලයක් තුළදී විශාල පැළ ප්‍රමාණයක් ලබා ගන්නට මේ ක්‍රමය මගින් අපහසුයි.
  • නමුත් ලිංගික ප්‍රචාරණයෙන් විශාල පැල සංඛ්‍යාවක් ලබා ගන්නට හැකි අතර මේ සඳහා රෝග පලිබෝධවලින් තොරව වැඩි ඉල්ලුමක් සහිත මව් ශාකයක් තෝරාගත යුතුයි.මල් පරාගනයට සුදුසු තත්ත්වයේ මල් දෙකක් තෝරාගත යුතුයි. මේ මලේ කොලපුව දිගහැරී දින 7-10 අතර කාලයේ දී පරාගනය සිදුකළ යුතු අතර එහිදී ඡද්‍ර ශුතියේ ඇති ඇලෙන සුළු පරාග පින්සලක් ආධාරයෙන් පීරිසියකට එකතු කරගත යුතුයි.
  • ඒ අවස්ථාවේම එක් මලෙක ඡද්‍ර ශුතියේ ඒවා තැවරිය යුතු අතර ඒසේ කළ සැමවිටම  පොලිතින් ආවරණයකින් මල ආවරණය කළ යුතුයි. සාර්ථක පරාගනයෙන් පසුව ඡද්‍ර ශුතිය කොළ පැහැයට හැරී මාස 5-6 ක් ඇතුළත මේරු ඇන්තූරියම් ඇට තැඹිලි පැහැයෙන් දකින්නට පුළුවන්.ඒ ඇට මලෙන් ඉවත් කර ඉතා හොඳින් සෝදා කොන්ඩිස් ද්‍රාවණයකින් ද සෝදා සුදුසු මාධ්‍යක් යෙදූ මැටි බදුන්වල තැන්පත් කළ යුතුයි.ජලය ද ස්වල්පයක් දමා ජලය දැමූ ලොකු බදුනක් තුළ බීජ සිටවූ බදුන තබා වීදුරු තහඩුවකින් වසා සති 4 ක් තබන්න.සති 4න් පසුව පැල වර්ධනයට ඉඩ ලබාදෙමින් වීදුරු තහඩුව ඉවත් කළ යුතුයි. හොඳින් වැඩුණු පසු මේ පැළ පාත්තිවල සිටුවිය හැකියි. 

පැළය බඳුන් ගත කිරීම

ඇන්තූරියම් වගාව - 01 - YouTube
  •  වගාව සඳහා පැල අලෙවි කරන ස්ථානයකින් සපයා ගන්නේ නම්,
  • ඒ පැලවල වැඩිපුර ඇති මුල් කපා දමා කැප්ටාන් දිය කළ බඳුනක විනාඩි 5 ක් ගිල්වා තැබිය යුතුයි. 
  • මේ සඳහා තෝරා ගන්නා බඳුන සෙන්ටිමීටර 30 ක විශ්කම්භයෙන් යුතු එකක් විය යුතු අතර බදුනේ යට ඇති සිදුරු මත අගල් 2 ක් පමණ උසට උළු සහ ගඩොල් කැබලි ද ඊට උඩින් දිරාපත් වුණු කොළ රොඩු ද අතුරා ඊට උඩින් ඇන්තූරියම් සඳහා වන පොහොර ද අතුරන්න. මෙසේ සකස් කරන බදුනේ උඩ අගලක පමණ කොටසක් ඉතිරිව තිබෙන්නට ඉඩ තැබිය යුතුයි. ඉන්පසුව පැල සිටුවිය හැකියි.

පැල පාත්තිවල සිටුවීම 

ඇන්තූරියම් වගාවට පහසුම ක්‍රමවේදය තෝරන්න | සිළුමිණ
  • වල් පැල ගල් මුල් ඉවත් කර පොළව කොටා පළල මීටර් 4.5 ක් වන සේ ද දිග ක්ෂේත්‍රයේ ගත හැකි ප්‍රමාණයට පාත්ති සකස් කළ යුත්තේ පාත්ති දෙකක් අතර පරතරය අඩියක් පමණ වන ලෙසයි. පොළව මට්ටමේ සිට ඉහළට ගොඩනගන ලද පාත්තිවල පැළ සිටුවීම කළ යුතුයි.
  • පාත්ති අවට ඇති ගැටිය සේදීයාම වළක්වන්නට පොල්ලෙලි ඇතිරීමත් සුදුසු පරතර සෙන්ටිමීටර 22.5 ක් ගැඹුරට පස් ඉවත් කර පතුළට උළුකැට හෝ ගඩොල් කැට කැබලි ස්ථරයක් යෙදීමත් කළ යුතුයි. ඒ මත පස් ස්වල්පයක් විසුරුවා හැර කොළරොඩු තට්ටුවක් දමා වගා මාධ්‍ය ඒ පාත්තිවල යෙදිය යුතුයි.
  • වගා මාධ්‍යට දිරාගිය කොළ කොටස් 2 , වියළි ගොම පොහොර කොටස් 1, ගඟේ වැලි කොටස් ½ භාවිතා කළ යුතුයි. මේ මිශ්‍රණය පාත්ති පිරෙන සේ හොඳින් පුරවා ජලවහනය හොඳින් සිදුවීමට කුඩා ගඩොල් කැට ස්වල්පයක් ද එකතු කරන්න.
  • පැළ දෙකක් අතර පරතරය අඩි 2 ක් ලෙසට වළවල් සකස් කළ යුතුයි.
  • පාත්තියේ වළවල් මැදට පැළ තබා සිටුවිය යුතු අතර මේ පැළය හොඳින් මුල් අල්ලන තුරු උණ පතුරක් වැනි යමක් සිටුවා ඇන්තූරියම් පැළය එහි බැඳීමෙන් ගස ඍජුව තබන්නට හේතුවෙනවා.
  • පැල වටේට පොල්ලෙලි කපා දැමීමත් දිනකට දෙවරක් ජලය සැපයීමත් සාර්ථක වගාවක් සඳහා යෝග්‍ය වෙයි.

පොහොර භාවිතය 

නිවසේ ඇන්තූරියම් මල් රැකබලා ගන්නේ කෙසේද? ඇන්තූරියම් මල්: ශාක රැකබලා සහ  ප්රචාරය කරන්නේ කෙසේද?
  • පැල සිටුවා සති තුනකින් පසුව ඇන්තූරියම් පොහොර  (කාබනික ) කොළ පොහොර කොටස් 2, වියළි ගොම කොටස් 1, කොහුබත් කොටස් 2, වැලි ½ අඟුරු කොටස් 1, ඇන්තූරියම් පොහොර (රසායනික ) යූරියා කිලෝ ග්‍රෑම් 3 ½ , සාන්ද්‍ර සුපර් පොස්පේට් කිලෝ ග්‍රෑම්  7  , මියුරේට් ඔෆ් පොටෑෂ් කිලෝ ග්‍රෑම්  4 ආදී වශයෙන් මිශ්‍ර කර ගිනි පෙට්ටි පියනකින් එකක් පැළ තුනකට පමණ වන සේ යෙදිය යුතුයි. පොහොර යෙදිය යුත්තේ පැලවලට ඈතින් ය.
  • පොහොර යෙදීම මසකට වරක් ද, මල් හටගන්නා විට සති දෙකකට උදේ කාලයේ දී ජලය සැපයීමෙන් පසුව ද යෙදිය යුතුයි.කාබනික පොහොර යෙදීම මාස 3 කට වරක් සිදු කිරීම ප්‍රමාණවත්.
  • ඇන්තූරියම් ශාකයේ ආරම්භක අවධිය, වර්ධක සහ පරිණත අවධීන් තුනේදීම පොහොරක් ලෙස කපන ලද පොල්ලෙලි යෙදීම සිදු කළ හැකියි. ඒවා දිරාපත්වීමෙන් පොහොර ලැබෙයි.

අස්වැන්න නෙළා ගැනීම 

  • හොඳින් වැඩුණු පැළයකින් මාස 8 දී පමණ පළමු මල ලබා ගන්නට හැකියාව ඇති අතර මලක් සති 4 කදී පරිණත වන නිසා ඒ කාලය තුළදී නෙළාගත යුතුයි. මල් කැපීමට වඩාත් සුදුසු වෙන්නේ උදේ කාලයයි . 
  • වසරකට මල් 8ක් 10 ක් ලබාගත හැකි අතර මල් කැපූ වහාම කැපූ කෙලවර ජල භාජනයකට ඇතුල් කිරීමෙන් මල් කාලයක් තබා ගන්නට හැකියි.
  • ඇන්තූරියම් මල් අලෙවියට සුදුසු වෙන්නේ මල් පිපීමෙන් පසු දෙවන වසරේදී.
  • මල් අලෙවියට සකස් කිරීමේ දී නටුවේ දිග ඉතිරි කර කැපිය යුතු අතර එහි කෙළවර තෙත පුළුන් කැබැල්ලක් තබා පොලීතීන් කොළයකින් ආවරණය කර රබර් පටියකින් ගැට ගැසිය යුතුයි.