The Lanka Post

Official Lanka Post Blog

දවසක් හැර දවසක් ස්නානය කීමට හේතු 6 ක්

එදිනෙදා ජීවිතයේ අප විවිධාකාරයෙන් දූෂිත පරිසරයට, විෂබීජවලට, රෝගකාරකවලට, හානිකර ද්‍රව්‍ය වලට නිරාවරණය වන්නෙමු. දහඩිය, කුණු දුහුවිලි, තෙල් අපද්‍රව්‍ය නිසා අපේ සිරුර අපවිත්‍ර වේ. ඒවා නිසා අපේ සිරුරට අනිසි බලපෑම් ඇතිවීම වළක්වාගැනීමට නිතිපතා පිරිසිදුව සිටීම වැදගත් වන්නේ ඒ නිසයි. එසේ කියා දිනපතා නිතර ස්නානය කිරීමෙන් ඔබට ලැබෙන වැඩි යහපතක් නැහැ. සිරුර පිරිසිදුකරගැනීමට සතියකට කිහිපවරක් ස්නානය කිරීම හොඳ පුරුද්දකි. දවසක් ඇර දවසක් ස්නානය කිරීම ඔබේ එදිනෙදා ජීවිතයේ පුරුද්දක් කරගැනීම ඔබට වාසිදායක වන්නේ ඇයි කියා මේ හේතු ඔබට පැහැදිලි කරාවි.

1.ඔබ ආසාදන වලට නිරාවරණය වීමේ ප්‍රවණතාව අඩුවේ

නිතර ස්නානය කිරීම අඩුවෙන් ස්නානය කිරීමට වඩා හොඳ යැයි ඔබට සිතිය හැකිය. නමුත් නිතර ස්නානය කිරීමෙන් ඔබේ සමේ ක්ෂුද්‍රජිවීන්ගේ සමතුලිතතාවයට බාධා ඇතිවිය හැකි අතර සමේ ආරක්ෂාව අඩුවී ආසාදන වලට ගොදුරුවීමේ අවදානම ඉහළ යා හැකියි. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බැක්ටීරියාවන්ගේ හා අපද්‍රව්‍ය වලින් යම් උත්තේජනයක් ලැබීම අවශ්‍ය වන අතර නිතර ස්නානයෙන් එම ක්‍රියාවලියට බාධා වී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීම සහ වෛරස වලට එරෙහිව අපේ සිරුර ආරක්ෂා කිරිමට ඊට ඇති හැකියාව අඩුවිය හැකිය.

2.සමට හිතකර වේ

දිගු වෙලාවක් උණුසුම් ජලයෙන් ස්නානය කිරීම සිරුරට සුවදායි සැහැල්ලු අත්දැකීමක් වුවත් ඉන් ඔබේ සම අකලට වියපත්වීම කෙරෙහි බලපෑ හැකිය. අපේ සම පිටතින් මේදමය ස්තරයකින් ආවරණය වී ඇති අතර තෙතමනය රඳවාගනිමින් සම පිරිපුන් සහ තරුණ පෙනුමින් යුතුව බොහෝ කාලයක් පුරාවට ආරක්ෂා කරයි. නිතර ස්නානය කිරීම හා ඇතිල්ලීම හේතුවෙන් සමේ එම ආරක්ෂිත ස්තරය ඉවත්වී, සම අපහසුතාවට ලක්වීම, ‍රැළි වැටීම සහ වියළී යාමට පටන්ගනියි.

3.ඔබේ හිසකෙස් වේගයෙන් වර්ධනය වීමට පටන්ගනියි

දිනපතා ස්නානය කරන විට හිසකෙස් වල බාහිර තෙල් ආවරණය ඉවත්වී යයි. එය ඔබේ හිසකෙස් ආරක්ෂා කිරීමට පිහිටා ඇති ආවරණයක් බඳුය. කෙසේවෙතත්, එසේ හානිවීමෙන් පසු ඊට ප්‍රතිචාරයක් ලෙස සිදුරු (pores) වලින් පෙරට වඩා ස්නේහක ද්‍රව්‍ය; තෙල් නිෂ්පාදනය කිරීමට පටන්ගනියි.එවිට ඔබේ හිස්කබල කැසීමට හා වෙනත් ලෙසින් අපහසුතාවන්ට ලක්වීමට ඉඩ ඇත. අවසානයේ හිස්කබලේ කුඩා සිදුරු අවහිර වී යා හැකියි.එවිට හිසකෙස් වර්ධනය අඩාල වීමට වුව ඉඩ ඇත.

4.මහත සම්බන්ධයෙන්

ආහාර ගැනීමෙන් පසු ස්නානය කිරීමෙන් සිරුරේ බර වැඩිවිය හැකි බව පැවසේ.ආහාර ජිර්ණය වීමට ආමාශය වෙත ක්‍රමවත් රුධිර ප්‍රවාහයක් ලැබීම ඉතා වැදගත් ය. ස්නානය කරන විට සිරුරේ උෂ්ණත්වය පහළ යාමක් සිදුවිය හැක. ඉන් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය ව්‍යාකූලත්වයට පත්වීමට ඉඩ ඇත. ඉන් එම ක්‍රියාකාරීත්වයට බාධා වන නිසා මෙය දිගින් දිගටම සිදුකිරීමෙන් පද්ධතියට හානිවී ඔබේ සිරුරේ බර තරමක් දුරට වැඩිවීමට වුවත් හේතුවිය හැක.

5.ආසාත්මිකතා වලට ලක්වීමේ ඉඩකඩ අඩුවේ

නිරන්තරයෙන් ස්නානය කිරීම ඔබ මුහුණ දෙන පීඩාකාරී ආසාත්මිකතාවන්ට හේතුසාධකයක් වීමට ඉඩ ඇත.සමේ අම්ල ප්‍රාවරණය හානි වූ විට බාහිට උත්තේජක වලට එරෙහිව ඊට සටන්කිරීමට ඇති හැකියාව අඩුවී යයි. සම මතුපිට අපද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම සේදී ඉවත්වීමෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උදාසීන වී යාම සිදුවිය හැකි අතර ආසාත්මිකතා, ඇදුම සහ ඇතැම් විට දියවැඩියා වර්ධනයට පවා තුඩු දිය හැකිය.

6.ප්‍රජනක සෞඛ්‍යය සඳහා වඩාත් හිතකර වේ

සමට මෙන්ම රහස් ප්‍රදේශ වල බැක්ටීරියා සමතුලිතයක් තිබීම එහි නීරෝගිබවට වැදගත්ය.අප සිරුර පිරිසිදු කිරීමට යොදාගන්නා ජලයේ හානිකර බැරලෝහ සහ රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකියි. මේවා විලවුන්, සුවඳ සබන් ඇතුලු බොහෝ නාන කාමර නිෂ්පාදන වල ද බහුලව අඩංගු වේ.මෙවැනි හානිකර රසායනයන්ට සිරුර නිරාවරණය වීම රහස් ප්‍රදේශයේ ජීවත්වන හිතකර බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වයන්ට බාධා ඇතිකල හැකි අතර එහි ප්‍රතිඵල ලෙස කැසීම, සමේ අපහසුතා ඇතිවීම සහ වෙනත් ආසාදන මතුවීමට පටන්ගැනීම සිදුවිය හැක.