The Lanka Post

Official Lanka Post Blog

සර්ප විෂ නසන රුක් අත්තන ශාකය

රුක්කත්තන යනු දේශීය වෛද්‍ය ක්‍රමයේ නොයෙක් රෝග සමනය කිරීමට යොදාගනු ලබන ඖෂධීය ශාකයකි. මෙම ශාකය මීටර් හතළිහක් පමණ උසට වැඩෙන අළු පැහැති සෘජු කඳක් සහිත ශාකයකි. එක් ගොනුවක සින්දු වළයාකාර පත්‍ර පහක් දහයක් පමණ හටගනී. එමෙන්ම මෙහි හටගන්නා කහ පැහැයට හෝ සුදු පැහැයට හුරු කුඩා මල් ඉතා සුවඳවත්වේ.

මෙම ශාකය  Apocynaceae උද්භිද කුලයට අයත් වේ ඊට අමතරව වැල් රුක්අත්තන  ලෙස තවත් වර්ගයක් පවතී. ඇත් මද, රුක් යන නම්වලින් හඳුන්වන මෙය ඉංග්‍රීසි භාෂාවෙන් Devils tree  (යකාගේ ගස)  Blackboard tree යන නම්වලින් හඳුන්වනු ලැබේ.රුක් අත්තන ශාකයේ පොතු, කොළ, කිරි රෝග සදහා ඖෂධ ලෙස යොදාගනු ලබයි. 

  • ඖෂධීය ගුණ-පණු රෝග වලට, කැස්සට, ඇදුමට, හොරි දද කුෂ්ඨ ආදී චර්ම රෝගයන්ට , අතීසාරයට මැලේරියාවට, පාචනයට,සර්ප විෂට, දත් කැක්කුමට මව් කිරි පිරිසිදු  කිරීමට,  හික්කාවට, සර්ප විෂට, සන්ධි ඉදමුමට, ආදී රෝග සමනය කිරීමට යොදා ගනු ලබයි.
  • කුෂ්ට රෝගයට -රුක්අත්තන පොතු කෂාය පානය කිරීම. ඊට අමතරව රුක්අත්තන පොතු  තම්බා ස්නානය කිරීම හා එම වතුරින් කුෂ්ට සේදීම. 
  • තුවාල වලට -රුක්කත්තන කිරි වියළා කුඩු කර ආලේප කිරීම.
  • කැස්සට ,ඇදුමට, හිසෙහි රෝග වලට රුක්කත්තන මල් ශිරෝ විවේචනය යෙදීම.
  • හික්කාවට හා ස්වසන රෝග වලට රුක්අත්තන පොතු ඉස්ම මී පැණියෙන් ලේහ කිරීම.
  • මව්කිරි පිරිසිදු වීමට- රුක්අත්තන පොතු කුඩු කර තිරිඟු පිටි හා සමව ගෙන උණු දියෙන් කලවම් කර ආලේප කිරීම.

රුක්කත්තන මගින් නිපදවන ඖෂධ  වර්ග 

  • තෛල
  • ප්‍රලේප
  • ක්වාත මේවා වෙළදපොල තුලින් මිලදී ගත හැකිය.
  • අතීතයේදී රුක්අත්තන වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ සර්ප දෂ්ටනවලදීය. එනම් සර්ප දෂ්ටනයෙන් සිහි නැති වු පුද්ගලයාගේ දේහය රුක්අත්තන ශාකයෙන් නිමවන ලද පෙට්ටියක දමා තිබීම. මෙමගින් රෝගියාට ඉක්මන් සුවය ළගා වූ බව කියවේ.
  • එමෙන්ම මෙම ශාකයේ මල් වලින් වහනය වන සුවඳට වෘක්ෂ දෙවියන් වැඩ සිටින බව සමහරෙක් විශ්වාස කරන අතර තවත් සමහරුන් මෙම ශාකයේ භූතාත්ම අරක්ගෙන සිටින බව විශ්වාස කරයි.
  • එහෙත් වර්තමානයේ රුක් අත්තන ශාකය සංගීත භාණ්ඩ, පැන්සල්, වෙස්මුහුණු ,  මිනී පෙට්ටි සකස් කිරීම සදහා වැඩි වශයෙන් භාවිතා කිරීම දැකගත හැකිය.
  • කෙසේ වෙතත් මේසාවු ප්‍රයෝජනවලට අමතරව අදවන විට මෙම ශාකය පරිසර දූෂණය අවම කිරීම සඳහා රෝපණය කළ හැකි වටිනා ශාකයක් ලෙස හඳුනාගෙන තිබේ.