The Lanka Post

Official Lanka Post Blog

කෝපි පානය කිරීමෙන් කෙස් කලඹට සිදුවෙන දේවල් 6 ක්

කෝපි කෝප්පයකින් දවස ආරම්භ කිරීමට බොහෝ අය පුරුදුවී සිටිනවා. කෝපි වල අඩංගු කැෆේන් ඉතා හොඳ උත්තේජකයක් නිසා සිරුරට හොඳ ජවයක් ප්‍රබෝධයක් ලබාදෙනවා. ආහාර පාලනය කිරීම නිසා ඇතැම් අය කෝපී පානයට සමුදී තිබෙනවා. නමුත්, කෝපි කෝප්පයකින් ඔබේ සිරුරට අවශ්‍ය වැදගත් පෝෂක ‍රැසක් අභ්‍යන්තරිකව ලබාගත හැකියි. විශේෂයෙන්ම කෝපි වල ප්‍රබල ප්‍රති-ඔක්සිකාරක ගුණ සහ ප්‍රති-ප්‍රදාහක ගුණ අඩංගු වේ. කෝපි වල අඩංගු කැෆේන් ඔබේ බාහිර සුන්දරත්වය තවත් වැඩිදියුණු කිරීමට ගුණ දෙන බව නොරහසකි. විශේෂයෙන්ම ඔබේ සමට සහ කෙස්කලඹට ඉන් ඉතා හොඳ ප්‍රතිලාභ ලැබේ.කෝපි පානය සම්පූර්ණයෙන්ම නතර කලහොත් ඇත්තෙන්ම ඔබේ කෙස්කලඹට කුමක් සිදුවේවිද ? මේ ඒ සම්බන්ධ කරුණු කිහිපයකි.

1.ඔබේ හිසකෙස් වර්ධනය මන්දගාමි විය හැකියි

හිසකෙස් ඉක්මනින් දිගුව වර්ධනය කරගැනීමට ඔබ උනන්දුවෙමින් පවසුවේ නම් දිනකට කෝපි කෝප්පයක් බැගින් පානය කිරීමෙන් හිසකෙස් දිගුව වර්ධනය වීමට හොඳ සහයක් ලැබේ. කැෆේන් මඟින් හිසකෙස් හැලීයාමට බලපාන ‘ඩයිහයිඩ්‍රොටෙස්ටෙස්ටරෝන්’ නම් හෝර්මෝනය ඉලක්ක කරයි. එය සක්‍රීය වර්ධන අවධියේ පසුවන සමයේදී හිසකෙස් වලට උපකාරී වන කාබනික සංඝටක නිෂ්පාදනය කිරීම සඳහා හිසකෙස් සෛල වලට ආධාර කරනු ලබයි.

2.ඔබේ කෙස්කලඹේ දිදුලන ස්වභාවය දුරු වි යා හැකියි

දුර්වල අප්‍රාණික පෙනුමක් ඇති ඔබේ කෙස්කලඹට සීරම් සහ කන්ඩිෂනර් භාවිතයෙන් ලැබෙන්නේ තාවකාලික ප්‍රතිඵල පමණයි. වෙනත් සෞඛ්‍යය ප්‍රතිලාභ වලට අමතරව කෝපි පානය කිරීමෙන් දුර්වල වී ඇති ඔබේ කෙස්කලඹට හොඳ ප්‍රාණවත් බවක් ලැබෙනු ඇත. කැෆේන් මඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට ඊට හේතුවයි. ඉන් හිසකෙස් මුල් වලට පෝෂ්‍ය පදාර්ථ ක්‍රමවත්ව ගමන් කරමින් හිසකෙස් නීරෝගි වෙයි. නිරෝගි කෙස්කලඹක දැකිය හැකි දිදුලන ස්වභාවය වර්ධනය වේ.

3.හිසකෙස් කැඩීයාම-පළුදුවීමේ ස්වභාවය වැඩිවේ

කෝපි පානය කිරීමෙන් හිසකෙස් ඇතුලාන්තයෙන්ම ශක්තිමත් වීම සිදුවේ. හිස්කබලට ඇති රුධිර සැපයුම වැඩිවීමෙන් ස්‍යුනිකා/කූප (hair folliicles) දුර්වල වීම වැළැක්වෙන අතර හිසකෙස් ගැලවීයාම නතර වී වඩාත් සුමුදු සහ ශක්තිමත් කෙස්කලඹක් ඔබට හිමිකර දේ.

4.කෙස්කලඹේ volume එක අඩුවිය හැකියි

කැෆේන් බොහෝ හිසකෙස් සත්කාර නිෂ්පාදන වල අඩංගු වේ. එමඟින් හිසකෙස් වලට පෝෂණය මෙන්ම පරිපූර්ණ ස්වභාවයක් ලබාදේ. කෝපි පානය කිරීමෙන් මෙම රසායනයන් කූප වෙතට ගමන් කිරීමට හොඳ සහයක් ලැබෙයි. කැෆේන් රුධිර ප්‍රවාහය වැඩිදියුණු කරන නිසා හිසකෙස් වඩාත් ඝනකමින් සහ පූර්ණ ස්වභාවයකින් වර්ධනය වේ.

5.කෙස්කලඹේ කීකරුකම අඩුවිය හැකියි

හිසකෙස් වල ස්වභාවය ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ ජානමය කාරණා මතයි. ඒවගේම ඔබේ ආහාර පාන රටාව ද හිසකෙස් වල ගුණාත්මක බව කෙරෙහි බලපෑ හැකියි. හිසකෙස් ශක්තිමත් කිරීම සහ දිදුලන පෙනුමක් ලබාදීමට අමතරව කැෆේන් මඟින් ඔබේ කෙස්කලඹේ අකීකරු ගතිය දුරුකරවයි. හිසකෙස් මුල් වෙත ප්‍රමාණවත් තරමින් අත්‍යාවශ්‍ය විටමින් හා පෝෂක ලැබෙන විට හිසකෙස් වඩාත් මෘදු , සවිමත් ලෙස වර්ධනය වී කෙස්කලඹ හැසිරවීම වඩාත් පහසු වෙයි.