දිනකට මිනිත්තු 30ක් ව්‍යායාම කිරීමෙන් සිදුවන දේවල් 22 ක්
ක්‍රීඩා කිරීම සහ ක්‍රියාශීලීව සිටීම ඔබ හිතන තරම් අසීරු දෙයක් නොවෙයි. අධ්‍යන වලට අනුව නිරෝගීව හැඩට සිටීමට දිනකට මිනිත්තු 30ක් ව්‍යායාම කිරීම හොඳටම ප්‍රමාණවත්. ඔබත් දෛනිකව ව්‍යායාම කිරීම ආරම්භ කළ විට ඔබේ සිරුරට සිදුවන දේ ගැනයි මේ ලිපිය..
ව්‍යායාම කරන විට

- පරිවෘත්තීය වේගය ඉහළ යාම.
- රුධිරයේ දුස්රාවීතාවය වැඩිදියුණු වීම.
- ඔක්සිජන් පරිවහන වේගය මිනිත්තුවකට ලීටර් 8 සිට (ඔබ විවේකීව සිටින විට) ලීටර් 100 දක්වා ඉහළ යාම.
- ඉහළ යන රුධිර පරිමාව නිසා සෛල වැඩියෙන් ඔක්සිජන් සහ පෝෂක රුධිරයෙන් ලබා ගැනීම.
ව්‍යායාම කිරීම අවසන් කළ වහාම

- ඔබේ සිරුර ප්‍රෝටීන සහ කාබෝහයිඩ්රේට ×4 ගුණයක් වේගයෙන් ජීර්ණය කිරීම අරඹන නිසා සිරුරේ බර ඉක්මනින් අඩු වීම.
- ඔබේ මොළය විසින් වැඩිපුර එන්ඩෝර්ෆින් නිකුත් කිරීම නිසා මනෝභාවය (mood) සතුටුදායක අතට හැරීම.
ව්‍යායාම කිරීමෙන් පැය කිහිපයකට පසු –

- ඔබේ ආත්ම විශ්වාසය හා ආත්ම සම්මානය (self esteem) ඉහළ යාම.
- රුධිර පීඩනය සාමාන්‍ය අතට හැරීම.
- ඔබට වඩාත් හොඳින් නින්ද යන අතර නින්දෙහි ගුණාත්මකභාවයද ඉහළ යාම.
නිතිපතා ව්‍යායාම කිරීමෙන් සති කිහිපයකට පසු

- පෙනහළු වල පරිමාව වැඩි වීම.
- හෘදය හා රුධිර නාල වඩාත් හොඳින් ක්‍රියාකාරී වීම.
- ඔබ ශක්තිමත් වීම.
- රුධිරයේ හිමොග්ලොබින් මට්ටම ඉහළ යාම : රුධිරය කියුබික් මිලිමීටරයක අඩංගු රතු රුධිර සෛල ප්‍රමාණය මිලියන 5 සිට මිලියන 6 දක්වා ඉහළ යයි.
- ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වීම : රුධිරයේ පවතින ලිම්ෆොසයිට ප්‍රමාණය ඉහළ යයි.
- සිරුර විසින් රුධිරයේ ඇති සීනි ඇතුළු වෙනත් ද්‍රව්‍ය වඩාත් පහසුවෙන් යාමනය කිරීම.
- සිරුර විසින් මේදය අවම වශයෙන් තැන්පත් කර ගැනීම.
නිතිපතා ව්‍යායාම කිරීමෙන් මාස කිහිපයකට පසු

- ආතතිය, විෂාදය හා මනෝභාවය වෙනස් වීම් වලට ඔබ අඩුවෙන් මුහුණදීම.
- මාංශ පේශීන් වෙත යැවෙන ඔක්සිජන් පරිමාව වැඩි වෙන අතර රුධිරයේ ක්ෂුද්‍ර පරිවහනය ඉහළ යාම.
- චලන අතර සමායෝජනය වැඩි දියුණු වීම නිසා ස්නායු පද්ධතිය ශක්තිමත් වීම. ස්නායු ආවේග ප්‍රවාහන වේගය සහ මොලයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වන අතර වඩාත් ඉක්මනින් තීරණ ගැනීමට හැකිවීම.
- සිරුරේ අස්ථි හා පේශි පද්ධතිය ශක්තිමත් වීම : ඔබගේ මාංශ පේශීන් වර්ධනය වන අතර අස්ථිවල ඝනත්වයද වැඩිවේ.
නිතිපතා ව්‍යායාම කිරීමෙන් වසර කිහිපයකට පසු

- ආයු අපේක්ෂාව ඉහළ යාම.
- දිගු කලක් තරුණ බව රැක ගැනීමට හැකි වීම.