නීරෝගි ආහාර රටාවකට දරුවන් යොමු කරන්න උපක්‍රම 5 ක්
දරුවන්ට නිරෝගි ආහාර වේලක් කවාගන්න එක ගොඩක් දෙමාපියන්ට ලොකු අභියෝගයක්. ඒක හරියට යුද්ධයක් කරනවා වගේ කියලා ගොඩක් වෙලාවට අම්මලා මැසිවිලි නගනවා.අකමැති කෑම හැම තැනම විසිරුවීම, ඒවා ආහාරයට ගත නොහැකියි කියමින් හැඬීම,නොසතුටින් ආහාර ගැනීම බොහෝ ළමුන් අතර ගොඩක් වෙලාවට දකින්නට ලැබෙන ලක්ෂණයි.
නමුත්, ජපන් ජාතික දෙමාපියන් නම් තම දරුවන් හට වදයෙන් පොරයෙන් කෑම කැවීමට උත්සහ කරන්නේ නැති බවත් , ඒ වෙනුවට ඔවුන් අපූරු උපක්‍රම භාවිතා කරන බවත් අසන්නට ලැබෙනවා. නීරෝගි හා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීම සඳහා දරුවන් යොමුකරවීමට අවශ්‍ය ඉගැන්වීම ඔවුන් විසින් සිදුකරනු ලැබෙන්නේ මේ ක්‍රම වලට අනුවයි.
- ඔබේ දරුවාට උත්සාහ කිරීමට සහ අලුත් රසයන් රසවිඳීමට ඉඩ ලබාදෙන්න.

එකම ආහාර වර්ග එක දිගටම ලැබෙන විට දරුවන් හට ඒවා ලෙහෙසියෙන්ම එපා වී යයි.ඉන් ඔවුන්ගේ ආහාර ගැනීමේ පුරුදු නිතරම පාහේ වෙනස්වීම් වලට ලක්විය හැකිය.දරුවා හට අලුත් අලුත් ආහාර වර්ග රසවිඳිමට ලබාදීම ඉතා වැදගත් බව ජපන් ජාතික දෙමාපියන් තරයේ විශ්වාස කරති.විශේෂඥයින් පවසන ආකාරයට, දරුවෙකු නීරෝගි සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය කිරීමේ අත්දැකීම් වැඩියෙන් ලබන තරමට, වයසෙන් වැඩෙත්ම නීරෝගී ආහාර වර්ග පරිභෝජනය කිරීමට ඔවුන් දක්වන උනන්දුව ද වැඩි වෙන බව පැවසේ.ඔබේ දරුවා හට විවිධ වර්ගයේ ආහාර සාම්පල රසබැලීමට ලබාදෙන් අවිට, ඔවුන්ගේ රස සංවේදනයන් වැඩිදියුණු වීම වගේම අලුත් ආහාර වර්ග රසබැලීමට තව තවත් උනන්දු වෙති.
- ආහාර ගැනීමේ ක්‍රියාවෙන් විනෝදය ලැබීමට ඔවුන්ට ඉඩදෙන්න

දරුවන් හට ආහාර ප්‍රිය නොවීමට බලපාන ප්‍රධාන හේතු අතරින් එකක් තමයි නිතර දෙවේලේ ඔවුන් අකමැති දේවල් ආහාරයට ගැනීමට බල කිරීම.ඉඳ හිට ඔබේ දරුවා කැමති ආහාරයක් ‘ට්‍රීට්’ එකක් විදියට ඔහුට/ඇයට රසබලන්නට ලබාදෙන්න.දෙමාපියන් වශයෙන් නිතරම නීරෝගී ආහාර වේලක් ලබාදීම ගැනම වද වීමෙන් වළකින්න.ආහාර ගැනීමට ඔවුන් තුල උනන්දුවක් ඇතිවන ආකාරයෙන් ඔවුන් කැමති ආකාරයේ ආහාර වර්ග රසවිඳින්නට ඉඩ හරින්න.
- දරුවා හට ආහාර ලබාදෙන විට කුඩා බඳුන් වල ඒවා පිළිගන්වන්න

ලොකු පිඟානක ලොකු ආහාර ප්‍රමාණයක් බෙදා ඇති ආකාරය දකින විට , එය දකින දරුවාට ඒ කෙරෙහි ප්‍රියතාවක් ඇතිවන්නේ නැහැ. කුඩා පිඟන් ලබාදෙන විට තමන්ටම ආහාර බෙදාගැනීමට ඔවුන් තුල උනන්දුව ඇතිකරන අතර ඔවුන්ට අවශ්‍ය දේ, කැමති දේ තෝරාගැනීමට ද හැකිවේ.දෙමාපියන් විදියට ඔබට සාමාන්‍ය ප්‍රමාණයක් යැයි සිතෙන ආහාර කොටසක් , ඔබේ දරුවාට ඕනෑවටත් වඩා වැඩි ආහාර ප්‍රමාණයක් විය හැකියි. ඒ නිසා දරුවාට ප්‍රිය උපදවන ආකාරයට කුඩා ප්‍රමාණ වලින් කුඩා බඳුනකට ආහාර ලබාදෙන්න.දරුවා සඳහා වරකට බෙදන ආහාර ප්‍රමාණ ගැන සැළකිලිමත්වන්න.
- පවුලේ සැවොම සමඟ එකට ආහාර ගන්න. ඔබේ දරුවා ද ඊට සහභාගිකරගන්න

පවුලේ සියළු දෙනාම එකට සිට ආහාර ගැනීම ජපානයේ සම්ප්‍රදායකි. නීරෝගි ආහාර පාන ලබාගැනීම මෙන්ම යහපත් ජීවන රටාවක් ඇතිවිම සඳහා නිවසේ පවතින මෙම සුහදශීලී වාතාවරණය හොඳින් ආධාර සපයයි.නිතිපතා කෑම මේසයේ සිට එකට කෑම ගැනීම, ආහාර පිසින විට දරුවා ද ඊට හවුල් කරගැනීම මඟින් දරුවන් තුල හොඳ උනන්දුවක්-ආහාර ගැනීම කෙරෙහි කැමැත්තක් වර්ධනය වේ.
නීරෝගි, රසවත් ආහාර වර්ග පිළියෙල කරගැනීම වගේම සතුටින් සියළු දෙනාම සමඟ එකට හිඳ ආහාර පරිභෝජනය කිරීම ඔබේ දරුවන් සම්බන්ධයෙන් වැදගත් වන ඉතා ආදර්ශමත් ක්‍රියාවකි.
- උඩ පැනීම හා දිවීමේ සෙල්ලම් වල නිරතවෙන්න

කෙටි දුර ගමනාගමනයේදී පයින් ඇවිදීම හෝ පාපැදියෙන් ගමන් කිරීම ජපන් වැසියන් අතර ඉතා ප්‍රචලිතය.ජපන් ජාතිකයින් තම දරුවන් කායික ක්‍රියාශීලීත්වය ඇතිකරවන ක්‍රියාකාරකම් සඳහා උනන්දු කරවති. දිවීම හා උඩ පැනීම වැනි ක්‍රියාකාරකම් ඊට උදාහරණයි. ආහාර රුචිය වර්ධනය වීම සම්බන්ධයෙන් කායික ක්‍රියාශීලීබව කොතරම් වැදගත්ද කියා ඔබ හොඳින් දන්නවා . නමුත්, අද කාලයේ බොහෝ කුඩා දරුවන් පවා ජංගම දුරකථනයට, වීඩියෝ ක්‍රීඩවලට යොමුවෙලා තිබෙනවා. පැය ගණන් වීඩියෝ ක්‍රීඩා කර කර ඉන්න ඉඩ දෙන්නේ නැතිව ඔබේ දරුවා එක්ක ඇවිදින්න යාම, සෙල්ලම් කිරීම වගේ ක්‍රියාකාරකම් වල නිරතවීම පැහැදිලි වෙනසක් නිරීක්ෂණය කරන්න පුළුවන් හොඳ අදහසක් කියලයි කියන්නේ.