කහට ගෙඩි මාළුව හදන විදිය
Lecythidaceae උද්භිත කුලයට අයත් වන කහට කටහම්ර, කටහි, මධුරේණු ආදී නම් වලින් හඳුන්වනු ලබයි. මීටර් විස්සක් පමණ උසින් යුක්ත ව අතු බෙදී වැඩෙන මෙම ශාකය බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. දැඩි නියඟයකට වුවද ඔරොත්තු දෙන කහට ගසේ පොත්ත අළු දුඹුරු පැහැති ඝනකම් පොත්තකි.
අමු කොළ පැහැති පත්‍ර තරමක් විශාල අතර මල් පිපෙන විට හැලී යයි. රෝස පැහැතිව හා සුදු පැහැතිව හට ගැණෙන එම මල් මිහිරි සුවඳකින් යුක්තවේ.මල් සමඟ හටගෙන මෙහි ඵලය බොහෝ දෙනා ව්‍යංජනයක් මැල්ලුමක් ලෙස ආහාරයට එකතු කර ගනී. එය රසවත් මෙන්ම ගුණදායක ආහාරයකි. ආයුර්වේදයේ සඳහන් වන පරිදි කහට වල ගුණ කර්ම ලෙස රස- කටුක ගුණ- රූක්ෂ වීර්යය උෂ්ණ බව සඳහන්වේ. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා කහට පොතු ,දලු ,මල්, ගෙඩි භාවිතා කරයි.
කහට ශාකයේ ඖෂධීය ගුණ

- මුඛ රෝග වලට
- සර්ප විෂට
- බිබිලි සමග ඇතිවන උණට
- වණ සුවවීමට
- බාහිරව සිදුවන ලේ ගැලීම් වලට
- ස්වෙත ප්‍රදරයට
- රක්ත ප්‍රදරයට
- ප්‍රතිශ්‍යාවට
- ආදී රෝගයන්ට මෙන්ම දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ට ඇතිවන වේදනාව හා තුවාල සමනය කිරීමට ද බහුලව යොදා ගනී.
- කහට ශාකය ප්‍රචලිත ඖෂධයක් ලෙස භාවිතා කරනු ලබන්නේ දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන් ස්නානය කිරීමටය. එනම් එහිදී ලිහිල් වූ යෝනි මාර්ගය නැවත යථා තත්වයට පත්වීමටත් ප්‍රසූතියෙන් පසු සිදු වූ තුවාල සුව වීමටත් කහට තම්බාගත් වතුර ස්නානය කිරීම ගුණදායකවේ.
- සර්ප විෂට කහට පොතු චූර්ණය දීම
- බිබිලි සමග ඇතිවන උණට කහට පොතු කෂාය කර දීම.
- යටිපතුල් තුවාල වූ විට කහට පොතු තම්බා බැඳීම.
- තුවාල නිසා බාහිරව සිදුවන ලේ වහනයට කහට දලු අඹරා තුවාල මත ආලේප කිරීම.
- මුඛ රෝගයට කහට පොතු තැම්බූ වතුරින් කට සේදීම.
- වණ වලට කහට පොතු හෝ දළු තම්බා එම වතුරෙන් සේදීම.
- ස්වේත ප්‍රදරයට හා රක්ත ප්‍රදරයට කහට පොතු චූර්ණය හා මදටිය ඇට 6/12ක් පමණ ගිතෙල් හා මී පැණි සමග දීම.
- මීට අමතරව ගවයින්ගේ කුර තුවාල වීම ගෙඩි ඇතිවීමට කහට පොතු බැදීම ගුණදායකය. එමෙන්ම ඈත අතීතයේ පටන්ම භික්ෂූන් වහන්සේලාගේ සිවුරු පඬු පෙවීමට හා පැදුරු, රෙදි ආදීය වර්ණ ගැන්වීම සඳහා ද කහට බහුලව භාවිතා කර තිබේ. අදවන විට නොයෙක් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ද කහට අරටුව යොදා ගනී.
කහට ව්‍යංජනය සකස් කර ගන්නා ආකාරය

- කහට ගෙඩි
- සුදුලූනු
- අබ
- මිරිස් කුඩු, තුනනපහ කුඩු, කහ කුඩු
- සියඹලා
- ලුණු ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
අවශ්‍ය ප්‍රමාණයට කහට ගෙඩි ගෙන මල් කපා ඉවත් කර ගෙඩි කොටස හොදින් සෝදා වංගෙඩියට දමා මදක් කොටා ගන්න (කැබලි වන තෙක්)පසු කහ ස්වල්පයක් දමා දෙවතාවක් සෝදා හරින්න. ඉන්පසු මිරිස් කුඩු, තුනනපහ කුඩු, කහ කුඩු, සියඹලා කරලක් පමණ එකතුකර හොදින් මිශ්‍ර කරන්න. පසුව මැටි භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා කරපිංචා,අබ, සුදුලූනු එක් කර තෙල් රත් වු පසු කහට ටික එකතු කරන්න. මදවේලාවක් අඩු ගින්දරින් තැම්බෙන්නට හැර වතුර ස්වල්පයක් දමා විනාඩි පහකින් පසු ලිපෙන් බා ගන්න. එහි සුවඳ රසය ගුණය ඔබට කුසගිනි වඩවන්නක් වේව්. ඊට අමතරව දියවැඩියාව, වැනි රෝග වලටද මෙය ගුණ දෙන ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.මේ ආකාරයෙන් කහට ගසෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඔබත් කටයුතු කරන්න.