The Lanka Post

Official Lanka Post Blog

නීරෝගි දිවියකට දැන සිටිය යුතු ස්වභාවික පිළියම් 20 ක්

  • දෙළුම් යුෂ දිනපතා පානය කිරීම හදවතට යහපත් වන අතර අඩු රුධිර පීඩනයෙන් පෙළෙන අයට ප්‍රයෝජනවත් වේ (හයිපොටෙන්ෂන්)
  • බඩේ ආම්ලිකතාවය සඳහා එක් ස්වාභාවික ප්‍රතිකාරයක් වන්නේ ආහාර ගැනීමෙන් පසු බැසිල් (තුල්සි) කොළ කිහිපයක් සැපීමයි. මෙය ශරීරයට ආහාර අවශෝෂණය කර ගැනීමට උපකාරී වන අතර එය ප්‍රත්‍යාවර්ත වීම (‘උගුරට ඒම’) හා බඩේ වණ (තුවාල) ඇතිවීම වළක්වයි.
  • ආහාර ගැනීමෙන් පසු කරාබු නැටි කැබැල්ලක් සැපීම බඩේ ආම්ලිකතාවය අඩු කිරීමට උපකාරී වේ.
  • දිනපතා උදෑසන හිස් බඩ ජලය සමග සුදුළූණු පෙත්තක් ගිලීම බොහෝ ආමාශ හා ආමාශයික ගැටළු සමනය වීමට උපකාරී වේ.
  • අධික උණුසුම් දිනවල තාපය නිසා ඇතිවන හිසරදයට කොමඩු යුෂ පානය කිරීමෙන් ඉතා හොඳ සුවයක් ලැබේ.දිනකට එක් වීදුරුවක් පානය කිරීමෙන් සිරුරට අපූරු ප්‍රතිලාභ ලැබෙනු ඇත.
  • උදෑසන හිස් බඩ ඇපල් ආහාරයට ගැනීමෙන් ඉරුවාරදය වේදනාව සමනය වේ. මෙය දින කිහිපයක් පුරාවට උදෑසන කාලයේදී සිදුකල යුතුය. 
  • රට ඉඳි 6 ක් සහ එළකිරි ලීටර් බාගයක් බඳුනකට දමා මිනිත්තු 25 ක් පමණ මද ගින්නේ උණුකරවාගන්න.දිනකට කෝප්ප 3 ක් බැගින් පානය කරන්න. මෙය වියළි කැස්ස තත්වය සුවපත් කරවන ප්‍රත්‍යක්ෂ අත්බෙහෙතකි.
  • මී පැණි තේ හැඳි 2 ක් ඉඟුරු යුෂ සමාන ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කරන්න. මෙම කසාය සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උගුරේ අමාරුව සඳහා සහනයක් සපයයි.
  • ඔබ නිදන්ගත මල බද්ධයෙන් හෝ අජීර්ණයෙන් පෙළෙනවා නම් පිසූ බීට් කෝප්ප භාගයක් උදෑසන ආහාරයට පෙර ගන්න.
  • ආයුර්වේද කැස්ස සිරප් නිවසේදීම. මධ්‍යම ප්‍රමාණයේ ලූණු ගෙඩි 6 ක් පොතු ඉවත්කර  කුඩා කැබලි වලට කපන්න. ඒවා බඳුනකට දමා මී පැණි හැදි හතරක් එක් කරන්න. මෙම බඳුන ආවරණය කර වෙනත් වතුර බඳුනක බහාලමින් අඩු ගින්දරේ පැය 2 ක් පමණ තිබෙන්නට හරින්න.පෙරාගත් සිරප් සෑම පැය 3 කට වරක් මේස හැඳි 1 ක් බැගින් පානය කරන්න. 
  • පිපිඤ්ඤා ග්‍රේට් කර මුහුණේ, ඇස් සහ බෙල්ල මත ගල්වා මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර ඉවත් කරගැනීම කුරුලෑ සහ බ්ලැක්හෙඩ්ස් තත්වයන් දුරුකරගැනීමට ඉතා ප්‍රයෝජනවත් වේ.
  • රක්තහීනතාවය හෝ යකඩ ඌනතාවයට සරල පිළියමක් – කිරි වලට මෘදු රට ඉඳි 3-4 ක් එක්කර එයට ගිතෙල් ටිකක් එකතු කරන්න. මෙම මිශ්‍රණය ආහාරයට ගැනීමෙන් රක්තහීනතාවය වළක්වා ගත හැකිය.
  • තක්කාලි පේස්ට් අඳුරු කැලැල්  (dark circles) සඳහා වඩාත් ඵලදායි පිළියමක් වේ. ඔබට එය නිවසේදීම පහසුවෙන් සාදා ගත හැකිය. නැවුම් තක්කාලි එකක් හෝ දෙකක්, ලෙමන් යුෂ මේස හැන්දක් සහ කඩල පිටි සහ කහ කුඩු ආකාරයෙන් ගන්න. මෙම අමුද්‍රව්‍ය බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර ඔබේ ඇස් වටා ඉතා මෘදු ලෙස ආලේප කරන්න. මිනිත්තු 10 ක් හෝ 20 කට පසු පිරිසිදු ජලයෙන් සෝදා ඉවත්කරගන්න. මෙම ක්‍රියාවලිය සෑම සතියකම දෙවරක් හෝ තුන් වරක් පමණ සිදුකරන්න. අවසානයේදී ඔබේ අඳුරු කව සම්පූර්ණයෙන්ම නැති වී යයි.
  • උගුරේ අමාරුව සඳහා හොඳම ස්වාභාවික පිළියම වන්නේ කහ සහ ලුණු මිශ්‍ර ජලයෙන් උගුර සේදීමයි- උණුසුම් ජලය කෝප්ප ½, ලුණු කුඩු තේ හැඳි ½, කහ තේ හැඳි ¼  එකට දමා මිශ්‍රකරන්න . මෙම මිශ්‍රණයෙන් හොඳින් උගුර කලතවා සෝදන්න. ලුණු සහ කහ මඟින් උගුරේ බැක්ටීරියා විනාශ කිරීමේ කාර්ය හොඳින් ඉ‍ටුවීමට නම් මෙම ප්‍රතිකර්මයෙන් පසු අවම පැය බාගයක් ගත වන තුරු කිසිවක් ආහාරයය හෝ පානයට නොගන්න. ඔබට දවස පුරා ඔබට අවශ්‍ය සෑම විටම මෙය නැවත කළ හැකිය.
  • ඔබේ කනට සුදුලූණු යුෂ බින්දුවක් වත්කිරීමෙන් කණ ආසාදනය වීම නිසා හටගත් වේදනාව සමනය කිරීමට උපකාරී වේ.
  • බේකිං සෝඩා සහ ලෙමන් යුෂ මිශ්‍ර කර යට ඇඳුම් වල ආලේප කිරීමෙන් ශරීරයේ ගන්ධය අඩු වේ.
  • උණු වතුර භාජනයකට මහදුරු ඇට කිහිපයක් එකතු කර අඩු උෂ්ණත්වයක් මත මිනිත්තු පහක් තම්බා ගන්න. මිශ්‍රණය පෙරා පානය කරන්න. ඔබට රසය දරා ගත හැකි නම් නැවුම් මහදුරු කොළ පැලෑටි හපන්න ද පුළුවන්. එසේ නොමැතිනම් ඔබට මහදුරු, එනසාල් සහ මින්ට් කොළ ගෙන ඒවා වතුරේ තම්බා බඩේ ගෑස් ගතිය දුරුකරවන කසායක් සාදා ගත හැකිය. මෙය බඩේ ගෑස් ගතිය සහ බඩ පිපුම සමනය කිරීමට උපකාරී වන ප්‍රතිඵලදායි පිළියමක් වේ.
  • ලෙමන් යනු විටමින් C බහුල මූලාශ්‍රයක් වන අතර එහි විටමින් B, රයිබොෆ්ලැවින්, පොස්පරස්, මැග්නීසියම් සහ කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. උණුසුම් ජලය සමග ලෙමන් යුෂ මිශ්‍ර කර පානය කිරීම ඔබේ ශරීර පද්ධතියේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වන අතර  අක්මාවට ගුණ දෙන ඖෂධීය පානයක් වේ. ලෙමන් ජලය දිනපතා ගැනීමෙන් සෞඛ්‍යමය වාසි කිහිපයක් ඇත: එය ඔබේ බඩ නිරෝගීව තබයි; ඔක්කාරය, බඩපපුවේ දැවිල්ල, අජීර්ණය, අධි රුධිර පීඩනය, ආතතිය සහ මානසික අවපීඩනය සඳහා ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරයි.
  • මත්ගතිය දුරුකරගැනීමට, මී පැණි සමඟ කෙසෙල් මිල්ක්ෂේක් එකක් සකසා පානය කිරීමෙන් හොඳ සහනයක් ලැබේ. සීතල කිරි මගින් ආමාශයේ ආස්තර සමනය කරවයි. මී පැණි සමඟ කෙසෙල් රුධිරයේ පහත බැස ඇති සීනි මට්ටම යථා තත්වයට පත්කරවයි.