The Lanka Post

Official Lanka Post Blog

කන දිනපතා සම්බාහනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන 8 ක්

ආතතිය, සාංකාව, හිසරදය හෝ නිදිබර ගතිය පිළිබදව සෑම කෙනෙකුටම ඔවුන්ගේ අප්‍රසන්න අවස්ථාවකදී සිදු වූ මතකයක් තිබෙන්නට පුළුවන්. නමුත් මේවාට විසඳුම ඉතා සරලයි. කන් සම්බාහනය කිරීමෙන් සැබවින්ම සන්සුන් ස්නායු සංවේදීතාවයක් ඇති වන අතර එමඟින් සිතේ ඇතිවන ගැටළු සහ ශාරීරික අපහසුතාවන්ගෙන් නිදහස් කළ හැකි වෙනවා. මෙහි වඩාත් වාසිදායක වගේම හොදම කොටස වන්නේ එය ඕනෑම තැනක, ඕනෑම වේලාවක, ඉක්මනින් හා පහසුවෙන් කළ හැකි වීමයි.

අපි සැමවිටම අපගේ පාඨකයින් සඳහා සිත්ගන්නා සුළු හා ප්‍රයෝජනවත් තොරතුරු සොයමින් සිටිනවා. මේ වතාවේදී මෙම සැඟවුණු සම්බාහනය පිළිබදව තොරතුරු එකතු කර ඔයාට ඒ පිළිබදව දැනුවත් කිරීමට ලැබීම පිළිබදව අපි සතුටු වෙනවා. ලිපිය අවසානයේ අපි ස්වයං සම්බාහනය පිළිබද විස්තරයක්ද ඇතුළත් කර තිබෙනවා.

මාංශ පේශීන්වල වේදනාව අඩු කිරීමට.

කණ සම්බාහනය කිරිම මගින් නිදන්ගත කොන්දේ වේදනාව ඇති පුද්ගලයින්ට වේදනාව අඩු කර ගත හැකිදැයි පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. එහි ප්‍රතිඵල වලින් පෙනී ගියේ මෙම සරල ක්‍රියා පටිපාටිය අසහනය අඩු කිරීමට ඵලදායී ක්‍රමයක් බවයි.

ඔයාගේ කන්වල විවිධ තැන් මෘදු ලෙස අතුල්ලමින්, විශේෂයෙන් කන් පෙත්ත කෙළවර උත්තේජනය කිරීමේදී එන්ඩොර්ෆින් මුදා හරිම්න් මොළයට උපකාර කරනවා. මෙම හෝමෝන මගින් අපට හොඳ හැඟීමක් ඇති කරන අතර වේදනාව සමනය කිරීමටද උපකාර කරනවා. එසේම රුධිර සංසරණයද වැඩිදියුණු කළ හැකි වෙනවා. සමහර අධ්‍යයනවලින් සොයාගත් කරුණුවලට අනුව මෙම සරල සම්බාහන ක්‍රියාවන්ට ස්තුතිවන්ත වන්නට මිනිසුන්ට ඔවුන්ගේ ශාරීරික වේදනාව වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකි වූ අතර ඔවුන්ගේ වේදනාව පවා අඩු කර ගැනීමට හැකි වී තිබෙනකවා. 

ආතතිය හා අවුල් සහිත බව අඩු කිරීමට.

තවත් එක්තරා කුඩා අධ්‍යයනයක් මගින් රෝගීන් අතර මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා ඔවුන්ගේ ආතතිය වැඩි කර තිබෙනවා. මේ ආකාරයේ ආතති සහගත තත්වයන් තුළ කන් සම්බාහනය කිරීම හොඳ දෙයක් බව ප්‍රතිඵල මගින් ඔප්පු වී තිබෙනවා. ඔයාට ආතතියක්, භීතියක්, නොසන්සුන්තාවක්, තෙහෙට්ටුවක් හෝ කෝපයක් දැනෙන විට කන් පෙත්ත සෙමින් රවුම් ආකාරයට සම්බාහනය කරන්න.ඔයා සම්බාහනය කළ යුතු ස්ථානය නිවැරදිව පිහිටා තිබෙන්නේ  කන් පෙත්තේ ඉහළ කවචයේ ත්‍රිකෝණාකාර හැඩැති කුහරයක් සේ හැඟෙන කොටසෙහි ය.

හිසරදය සහ ඉරුවාරදය සැලකිය යුතු ලෙස සමනය කිරිමට.

 වේදනා නාශක ඔයාගේ ශරීරයට සහ සෞඛ්‍යයට බරපතල හා විනාශකාරී බලපෑම් ඇති කළ හැකි වුවද කන් උත්තේජනය කිරීම සාමාන්‍යයෙන් හානිකර නොවේ. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනිම සඳහා පෙපර්මින්ට් තේ වැනි තවත් ස්වාභාවික ප්‍රතිකර්ම සමඟ මිශ්‍ර කළ හැක.

වේගයෙන් බර අඩු කර ගැනීමට.

දිනපතා ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම හැරුණු විට දිනපතාම කන විවිධ තැන් වලින්  ඇතිල්ලීමෙන් පටන් ගන්න. සම්බාහනය මගින් බර අඩු කර ගැනීම වේගවත් කළ හැකි බව පෙනී යනවා. ඔයාගේ ඉලක්කය කරා ළඟා වූ පසු බර පවත්වා ගැනීමට සහ නිරෝගීව සිටීමට එය දිගටම කරගෙන යෑමට වග බලා ගන්න.

නින්ද නොයාමට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.

 කන් උත්තේජනය මගින් සැහැල්ලු කිරීමේ ශක්තියක් ඇත. ඔයා සන්සුන් වීමට සහ සැහැල්ලු වීමට නින්දට පෙර එය කළ හැක. නින්ද නොයාම මුළුමනින්ම තුරන් කිරීමට මෙම ක්‍රියා පටිපාටිය පමණක් ඔයාට උදව් නොකළද හොඳ නින්දක් සඳහා අවශ්‍ය වන නිදහස් බවක් ලබා ගැනීමට උදව් කරනවා. එසේම, ඔයා දැනටමත් භාවිතා කරන වෙනත් ප්‍රතිකාර වලට අමතර එය භාවිතා කළ හැක.

එමගින් ශක්තියක් ලබා දෙනවා.

ඔයා අවදි වීමට උදේ කෝපි භාවිතා කිරීම ගැන  අමතක වෙන්න පුළුවන්. ඒ වෙනුවට, ඔයාගේ කන් ටිකක් තදින් ඇතිල්ලීමට උත්සාහ කරන්න. ඔයාගේ කන් පෙත්තේ අග ස්නායු උත්තේජනය කිරීමෙන් ඇතැම් මොළ මධ්‍යස්ථාන සක්‍රීය කර තෙහෙට්ටුව මැකී යා හැක. ඔයාගේ වෙහෙස පාලනය කර ගත නොහැකි බවත් ශක්ති මට්ටම අඩු බවත් හැඟෙන විට දිවා කාලයේදීද එය කළ හැක.

බෝනස් කොටස: කන් සම්බාහනය කරන්නේ කෙසේද?

 මෙම පියවරයන් උත්සාහ කරන්න:

  • ඔයාගේ කනට ඉහළින් අල්ලා මෘදු ලෙස අදින්න. එය ඔයාගේ මාපටැඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් අල්ලා ගන්න. ඔයාගේ කනේ පිටත කෙළවරට යන විට ඔයාගේ ඇඟිලි වලින් සෙමින් ඉදිරියට හා පසුපසට අතුල්ලන්න.
  • කන්පෙත්ත සෙමින් පහළට අදිමින් කන පිටුපස සෙමින් නමන්න. ඔයාගේ කන්පෙත්තේ දළ සටහනක් සහ වක්‍රයක් සොයා ගැනීමටද උත්සාහ කරන්න. ඔයාගේ ඇඟිලි තුඩුවලින් මිරිකමින් මෘදු ලෙස කණ ඉහළට ඔසවන්න.
  • ඔයාගේ හිසට ඉහළින් කන් පෙත්ත අදින්න. යළිත් ඔයාගේ ඇඟිලි අතරට තල්ලු කර එය රවුම් ආකාරයට අතුල්ලන්න.
  • ඔයාගේ කණ පිටුපස සම ඇදගෙන කණේ දළ සටහනට පහළට ගෙනයන්න. ඔයාගේ ඇඟිලි  හකු රේඛාව වෙත ළඟා වන තුරු ඔයාට මෙය කළ හැකි වෙනවා.
  • ඔයාගේ අත් කනට උඩින් තබා ගන්න. එවිට එය සම්පූර්ණයෙන්ම ආවරණය විය යුතුයි. ඔයාගේ කනට තද කර අත පහළට දමා කන්පෙත්තේ ඉහළ කොටස වකුටු කරන්න.
  • නැවත ඔයාගේ අතෙන් කන්පෙත්ත ආවරණය කර අතින් රවුම් ආකාරයට සම්භාහනය කරන්න.
  • ඔයා දන්නා වෙනත් සම්බාහන ක්‍රම මොනවාද? අදහස් දැක්වීමේදී ඔයාගේ අත්දැකීම් අපත් සමග බෙදා ගන්න.