රන් පදක්කම ගඟට විසි කළ මොහොමඩ් අලී
මෙලොව උපදින මිනිසුන්ට උපතින් හිමිවෙන අපූරු හැකියාවන් තියෙනවා. නර්ථනයට, ගායනයට ,සිතුවම්කරණයට ආදී මෙකී නොකී ක්ෂේත්‍රවල දස්කම් ඇති අය ලෝකයේම ප්‍රසිද්ධියට පත්ව සිටිනවා. ඉතින් ඒ වගේම ක්‍රීඩාව නිසා ලෝකය ජයගත් ලොවක් ආදරය කරන දක්ෂයන් ගැනත් ඔබ අසා ඇති. ඉතින් බොහෝ ක්‍රීඩාවන් අතුරින් බොක්සින් ක්‍රීඩාව ගැන කතා කරද්දි අමතක කරන්නට නොහැකිම කෙනෙක් තමයි මොහොමඩ් අලී කියන්නේ. ඔහු බොක්සින් ක්‍රීඩකයෙක් විදියට මුළු ලෝකයේම අවධානය දිනාගත් අයෙක්. නමුත් ඒ හැරුණාම ලොවක්ම ඔහුට ආදරය කළ සුවිශේෂී කාරණා බොහොමයක්ම තිබුණා.ඉතින් ඔහු සිදුකළ මානව හිතවාදී ක්‍රියාවන් වගේම ඔහු සිදුකළ සදානුස්මරණීය ප්‍රකාශයන් ද ඒ සඳහා හේතුවෙලා තියෙනවා. ඉතින් අද කතාව මේ සුවිශේෂී පුද්ගලයා පිළිබඳව.
කැෂියස් මාසලස් ක්ලේ නමින් 1942 ජනවාරි 17 වැනිදා ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුවිස්විල්හි උපත ලැබූ මොහොමඩ් අලී ඔහුට වයස අවුරුදු 12ක් සපිරෙද්දි බොක්සින් ක්‍රීඩාවට පිවිසුණා. ඉතින් ඔහු ඉපදුණේ කුඩා නගරයක මුඩුක්කුවකයි. ඔහුගේ ගමන් මග ඉතා සතුටුදායක ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. මොකද අලීට ඔහුගේ ජීවන ගමන ඉදිරියට ගෙන යන්නට සිදුවුණේ වර්ණ භේදවාදයේ අඳුරු සෙවණැලි පසුකරමින්. ඉතින් සියලු බාධක ශක්තියක් කරගනිමින් අවසානයේ ඔහු සිය අණසක ලෝක බොක්සින් වළල්ල මත පැතිරෙව්වේ තව අයෙක්ට සමකළ නොහැකි විශිෂ්ටත්වයක් විදහා දක්වමින්.

කැෂියස් ක්ලේ මොහොමඩ් අලී වූ හැටි -ඇමරිකාව තුළ සුදු කළු භේදය අදටත් වඩා එදා පැවතියා.මේ සුදු ඇමරිකාව තුළ කළු ජාතිකයන්ට සිදුවුණු අසාධාරණකම්වල ප්‍රතිඵලයක් විදියට ඇමරිකානු මුස්ලිම් දහම වෙනත් ඇමරිකානු හැඩය ගත් දහමක් ලෙස බිහිවුණා.මැල්කම් වැනි කළු ජාතික නායකයන් ඇමරිකානු මුස්ලිම් දහම තුළ කැපී පෙනෙන සුවිසල් කාර්යබාරයක් සිදු කිරීමත් නිසා කැෂියස් ක්ලේ මොහොමඩ් අලී බවට පත්වීමට බලපෑමක් වුණා. එහි ප්‍රතිඵලයක් විදියට ඔහු පසුකාලීනව ඇමරිකානු මුස්ලිම් දහම වැළඳගනු ලැබුවා.ආගම වෙනස්වීමෙන් පසුව වහල්භාවයෙන් ඔහුට හිමිවුණු නාමය වෙනස් වෙනවා .නාමය පමණක් නොවෙයි ඔහුගේ චින්තනයේ ද විශාල වෙනසක් සිදු වුණා.
අලීගේ බොක්සින් ජීවිතය –අලී 60 සහ 70 දශකය පමණ වෙද්දි ඔහුගේ බොක්සීන් ජීවිතයේ ස්වර්ණමය යුගය උදාවුණා. සිය ජීවිතයේ වඩාත් ඉහළම ජයග්‍රහණ වාර්තා කළේ ද මේ කාල වකාවානුව තුළයි. ඉතින් අලී කියන්නේ බොක්සින් වළල්ල තුළ එකපිට එක ලෝක හෙව්වේ ශූරතාවයන් හිමිකරගත් ක්‍රීඩකයෙක් .1960 දී රෝම ඔලිම්පික් උළෙලේ ලයිට් හෙව්වේ අංශයෙන් රන් පදක්කම දිනූ අලී 1964, 1974 සහ 1978 වසරවලදී ලෝක හෙව්වේ ශූරයා බවට පත්වුණා. 1974 දී ලෝක හෙව්වේ ශූරයා වුණු ජෝර්ජ් ෆෝර්මන්ට අභියෝග කළ අලී “සයරේ” නමින් හැඳින්වුවා.කොංගෝවේ අගනුවර වුණු කින්ශාසා නගරයේ දී පැවති සුප්‍රසිද්ධ බොක්සින් තරගයේ දී ඔහුව පරාජය කළා. ඒ තරගය 20 වන සියවස තුළ පැවති අනර්ඝතම ක්‍රීඩා තරගය ලෙස සැලකෙන අතර එය නරඹන්නට 60 000 ක පිරිසක් රැස්ව සිටි බව සඳහන්.

අඩි 6 යි අගල් 3 ක් උස මේ අපූරු ක්‍රීඩකයා 37 වතාවක් ප්‍රතිවාදියා බිමදමා තියෙනවා. ඔහුගේ අවසන් තරග වාර්තාව (වෘත්තීයම ) තරග 61කින් පරාජයන් 5 ක් පමණයි. ලී සැමවිටම පවසා තිබුණේ “බොක්සින් කියන්නේ ජීවිතය. ඔබ පරාජය වන්නේ බිම වැටුණම නොවේ. බිම වැටුණ ඔබ නැගිටීම ප්‍රතික්ශේප කළ විටයි.” 1981 දී ඔහු විශ්‍රාම යද්දි එතෙක් ඉදිරිපත් වුණු තරග 61 කින් 56ක් ම දිනාගත් ශ්‍රේෂ්ඨතම බොක්සින් ශූරයා බවට පත්ව සිටියා.
බොක්සින් වළල්ල තුළ ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදියා වුණේ ප්‍රෙසියස්. නමුත් ඒ සටන් බිමේදී පමණයි. අලී පවසා සිටියේ ප්‍රෙසියස් තමාට හමුවුණු හොඳම සටන් සගයා බවයි.
වරක් වියට්නාමය යුද්ධයට විරෝධය දැක්වීම නිසා වසර 4 ක් බොක්සින් තහනමකට ලක්වෙන්නට සිදුවුණු අලීට නැවත බොක්සින් ක්‍රීඩාවට පැමිණෙන්නට උපකාර කළේ ද ප්‍රෙසියස් විසින්.ඒ දඬුවම් කාලය 1971 දී අවසන් වීමෙන් පසු බොක්සින් ඉතිහාසයේ වඩාත්ම සුවිශේෂී තරග 3 ක් සඳහා සහභාගි වෙන්නට ඔහුට අවස්ථාව හිමිවුණා.ඉතින් ප්‍රෙසියස් මෙලොවින් සමුගනිද්දි අසනීප තත්ත්වයෙන් සිටියත් අලී සහභාගී වන අතර එහිදී ඔහු පවසා සිටියේ “යම් දිනෙක දෙවියන් වහන්සේ මා හට ශුද්ධ වූ සටනකට ආරාධනා කළොත් මා තෝරා ගන්නා එකම ප්‍රතිවාදියා ප්‍රෙසියස් පමණයි ” යන්නයි.
අලී ගං දියට දැමූ රන් පදක්කම -1960 වසරේ දී ඉතාලියේ පැවති ඔලිම්පික් උළෙලේදී අලී බොක්සින් ක්‍රීඩාව වෙනුවෙන් ඇමරිකාවට රන් පදක්කමක් දිනා දුන්නත් වර්ගවාදී සිදුවීමක් මුල් කරගනිමින් ඔහු ඒ පදක්කම පසුකලෙක ගං දියට විසිකරනු ලැබුවා. ඒ තමන්ට සිදුවුණු අසාධාරණයට ප්‍රතිචාර දක්වන්නට. කොහොමවුණත් 1996 දී ඇමරිකානු ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ දී ඔහුට අහිමි වුණු රන් පදක්කම ගෞරවනීය විදියට ඔහුට පළඳවන්නට ඇමරිකානු බලධාරින් කටයුතු කළා. විවෘත මණ්ඩපයක දී ඒ පදක්කම පැළඳ වූ මොහොතේ රැස්ව සිටි සියල්ලන් අසුන්වලින් නැගිට ඔහුට ආචාර දැක්වුවා. ඒ වෙද්දිත් ඔහු පාකින්සන් රෝගයෙන් පෙළුණු අතර එය පැළඳ වූ පසු ඔහු සිය වෙව්ලන දෑතීන් එය ගෙන සිප ගත්තේ නරඹන්නන්ගේ නෙතට කඳුළක් එක් කරමින්. සියලු ක්‍රීඩකයෝ ඔහුව වැළඳ ගත් අතර ඔහු රැස්ව සිටි ජනතාවට ආචාර කළා.
සමාජ මෙහෙවර -ක්‍රීඩාව හැරුණාම ඔහු මෙකල ඇමරිකාවේ කළු ජාතිකයන්ට එල්ල වුණු තාඩන පීඩන හමුවේ වර්ණ භේදවාදයට එරෙහිවත් සටන් කළා. එකල පෙර තිබුණාටත් වඩා කළු ජාතිකයන්ට පීඩාවන් සිදුවුණා.එකල මාටින් ලූතර් කිං වගේ දේශපාලන නායකයන් සමඟ මැල්කම් වැනි ක්‍රියාකාරීන් සමඟ උරෙන් උර ගැටෙන්නට අලීට සිදුවුණා. ඇමරිකානු රජයට දැඩි ලෙස විවේචන එල්ල කරමින් වර්ණ භේදය නිසා පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් නැගී සිටියා.

අලී ඇසුරු කළ බොහෝ පුද්ගලයන් ලෝකයේ ප්‍රසිද්ධියට පත් නෙල්සන් මැන්ඩෙලා , සර් බර්ටන්ඩ් රසල්, ජෝන් ලෙනන් වැනි අයයි. ඔහු ඔවුන්ගෙන් හරි අපූරු පාඩම් ඉගෙන ගෙන තිබුණා.
වියට්නාම යුද්ධය ඇරැඹුණු කාලයේදී හමුදා සේවයට බැඳෙන ලෙසටත් ලීට බලපෑම් එල්ල වුණා. නමුත් වියට්නාමය ස්වාධීන රාජ්‍යයක් නිසා එරටේ ජනතාව හෝ වියට් කොන් භටයන් සමඟ තමාට කිසිම තරහක් නැති බවත් පවසා සිටියා. ප්‍රසිද්ධියේ වියට්නාම යුද්ධයට විරුද්ධව විවේචන ඉදිරිපත් කළ නිසා ඔහුට කලක් සිරගතව සිටින්නටත් සිදුව තිබුණා.
ඉතින් ඔහු තරම් ආත්ම ශක්තියකින් හෙබි ආදරණීය ක්‍රීඩකයන් ඉතාමත් දුර්ලභයි. ඉතින් ඔහු ශ්‍රේෂ්ඨ වෙන්නේ දුප්පත්ම ක්‍රීඩකයාව සිට හදවතින් පොහොසත්ම ක්‍රීඩකයා විදියට මිනිස්කම දියුණු කළ නිසා.ඔහු ශ්‍රේෂ්ඨ වන්නේ මිනිසුන් මරා දමන යුද්ධයට එරෙහිව ප්‍රසිද්ධියේ පීඩකයා විවේච්නය කර පීඩිතයන් වැළඳ ගැනීම නිසා. ඉතින් අපාරාජිත බොක්සින් ශූරයෙක් වුණු වර්ණ භේදවාදය ඇතුළු අගතීන්ට එරෙහිව ඉදිරිපෙළ සටන්කරුවෙක් වුණු, ප්‍රතිවාදියාට එරෙහිව නොව වර්ගවාදයට එරෙහිව සටන් කළ ඒ විශිෂ්ඨයා මුළු ලෝකයටම අපූරු ආදර්ශයක්.

චිත්‍රපටි කිහිපයකට රංගනයෙන් දායක වී ඇති ඔහු ස්වයං චරිතාපදනයක් ද ලියා ප්‍රකාශයට පත් කළා. 1984 දී අලීට පාකින්සන් රෝගය ඇති බවට මුල්ම වතාවට හඳුනා ගන්නා අතර ඔහු මානුෂීය ධනපතියෙක් ලෙසට ප්‍රසිද්ධ වී තිබුණා.ලෝකය පුරාම කුසගින්නෙන් පෙළෙන මිලියන 22 ක අධික ජනතාවට පෝෂණයට අලී උපකාර කළ බවට ගණන් බලා තිබුණා.ඉතින් පාකින්සන් රෝගයෙන් පෙළෙමින් සිටියදී 2012 ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරගාවලිය ආරම්භ කිරීමට වෙව්ලන දෑතීන් ඔලිම්පික් පහන දැල්වුවා.
2016 ජුනි මස 3 දා ඔහු මරණයට පත්වුණත් ඔහුගේ වීරත්වය ඔහුගේ මානුෂීය බව ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍යයට ඉතිහාසයේ විශාල ඉඩක් වෙන්ව අවසන්. ඉතින් කැෂියස් ක්ලේ නමින් ජන්මය ලැබූ ඔහු මොහොමඩ් අලී ලෙසින් සමුගත්තේ ජීවත් වන්නවුන්ට සටන් කරන්නට නැගී සිටින්නට අපූරු පාඩම් කියාදීමෙන් පසුවයි.ඔහු වෙනුවෙන් බොහෝ කවි ගී පබැදුණේ ඒ නිසාවෙන්මයි.
- මිනිසුන් නසනා යුද්දය වෙනුවට
- තනියම විඳිනා හිරගෙට ගිය නුඹ
- වර්ණවාදයට ජාතිවාදයට
- බිමට වැටෙන්නට පහර ගැසූ නුඹ
- අපේ කාලයේ මේ මහ දෙරනේ
- සැබෑ වීරයා නුඹම තමයි.
(චන්දන ගුණසේකර )