අංක විද්‍යාව අනුව ඔබ තෝරන අංකය තුළින් කියවෙන රහස දැනගන්න
අංක විද්‍යාව කියන්නෙ කම්පන විද්‍යාව කියලා කියනවා. මේ අංක විද්‍යාව එකිනෙකට සම්බන්ධ හේතු වලින් සෑදුන දෙයක් කියලා හඳුන්වනවා. ඉතිං අද කියන්නේ අංක විද්‍යාව අනුව ඔයාගේ අනාගත බලාපොරොත්තු ඉටු වෙනවාද නැද්ද කියලා.
ඔයාගේ අනාගත බලාපොරොත්තුව සිතේ තබා ගනිමින් අංකයක් තෝරා ගන්න. බලන්න මේ කියන දේවල් ඔබට නිවැරදි ද කියලා.
- අංක 1-ඔයා තෝරා ගත්තේ අංක 1 නම් ඔබේ අනාගත බලාපොරොත්තුව ගැන ඔයාට දෙගිඩියාවක් තියෙනවා. මෙය ඉෂ්ඨ වේවිද නැද්ද කියන කාරණා දෙක මත තමා ඔයා ඉන්නේ.
- අංක 2-අංක දෙක තෝරා ගත්තා නම් එයින් කියන්නේ ඔබේ බලාපොරොත්තුව තණ අග පිණි බිඳුවක් මෙන් කියලා. එනම් ඒ අනාගත බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන්නේ නැති තරම්. එය අස්ථිරයි.
- අංක 3-අංක 3 තෝරා ගත්තා නම් ඔබේ අනාගත බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉෂ්ඨ වෙනවා. ඒත් ඒ බොහොම අමාරුවෙන්. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන්නේ ඔබ තුළ ඊට ඇති කැපවීම, උත්සාහය මත. ධෛර්ය මත ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවාද නැද්ද කියලා තීරණය වෙනවා.
- අංක 4-ඉතාම වාසනාවන්ත අංකයක්. මොකද කියනවා නම් ඔයා අංක 4 සිතා ගත්තා නම් ඔබේ අනාගත බලාපොරොත්තුව ඉටු වෙනවාමයි. එය ඉතා පහසුවෙන් ඉෂ්ඨ වෙනවා. එය නවත්වන්න කාටවත් බෑ.
- අංක 5 –අංක 5ත් වාසනාවන්ත අංකයක්. අංක 5 න් කියන්නේ ඔබ කැපවීමෙන් වැඩ කටයුතු කර තමන්ගෙ අනාගත බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්නවා කියලා. ඔයා දැනටමත් ඒ වෙනුවෙන් වැඩ කර අවසන්. ඔයා දන්නවා ඒ අරමුණු ඉෂ්ඨ වෙනවා කියලා.
- අංක 6-අංක 6 සිතුව ඔයාට නම් තියෙන්නෙ බලාපොරොත්තු එකක් නෙමේ. ඔයාට අනාගත බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒත් ඔයා මේ බලාපොරොත්තු ඉටු කර ගන්න අවශ්‍ය කරුණු කාරණා පිළිවලකට සකස් කරගෙන නෑ. ඒවා සකස් කර ගනිමින් තමා වැඩ කරන්න වෙන්නේ. මේවා ඉටු වෙනවා.
- අංක 7-අංක 7න් නම් කියන්නේ ඔයාගේ අනාගත බලාපොරොත්තු ඉටු වෙන්න ටිකක් කල් ගත වෙනවා. මොකද ඔයා තාම ඒ බලාපොරොත්තු ඉටු කරගන්න අවශ්‍ය දේවල් ඉගෙන ගෙන නෑ. ඔයාට ඒ දේවල් ගැන ඉගෙන ගන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒ බලාපොරොත්තු ඉටුවෙන්න කාලයක් ගත වෙනවා.
- අංක 8-ඔයා ඔයාගේ අනාගත බලාපොරොත්තුව ගැන සිතන දේ ගැටළුවක් තියෙනවා. යම් හේතුවක් නිසා එය ඉටු කර ගන්න බැරි වෙන්න පුළුවන්. මෙහෙම තමන්ගෙ අනාගත බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගන්න බැරි වෙන්න යම් සාධාරණ හේතුවක් තියෙනවා. ඒ නිසාම ඔයා ඒ බලාපොරොත්තුව සිතින් අතහරිනවා. ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ නොවන සම්භාවිතාවය වැඩියි.
- අංක 9-අංක 9 නම් ඔබේ බලාපොරොත්තු අද හෙටම ඉෂ්ඨ වෙනවා. ඒ සඳහා දැනටමත් කරුණු කාරණා සකස් කරගෙන සිටින්නේ. ඉතිං ඉක්මනට ම ඔයාගේ අනාගත බලාපොරොත්තුව ඉටු වෙනවා.