The Lanka Post

Official Lanka Post Blog

පාද වල පැලුම් නැති කරන ක්‍රම 11 ක්

පාද වල සහ ඇතැම් විට අත් වල පවා සම ඝන වී පැල්ලම් මෙන් සමේ මතුවී තිබෙනවා ඔබ දැක ඇති. ඇතැම් විට මේවායින් සියුම් වේදනාවක් ඇතිවේ. මෙසේ සම රළුවිම (calluses) හානිකර තත්වයක් නොවුණත් නිසි පරිදි ප්‍රතිකාර නොකර සම නිරාවරණය වීමට හැරීමෙන් ඒවා ආසාදනයට ලක්විමට පවා ඉඩ තිබෙනවා. සම ගොරෝසු වීම ඉවත්කිරීමට ෂේවර්, අම්ල වර්ග සහ පමිස් ගල් ආධාර කරගන්නවා. මේවා සඳහා නිවසේදීම පහසුවෙන් ප්‍රතිකාර කරගැනීමට හැකි ක්‍රම ද තිබෙනවා. අද අප ඔබට කියාදෙන්නේ එවැනි ක්‍රම 10 ක් ගැනයි. මෙම සත්කාර මඟින් ඔබේ සමේ කඨෝර ස්වභාවය දුරුකරමින් මෘදු සුමුදු සමක් ඔබට ලබාදේ.

  1. ඇස්ප්‍රින් පෙති කුඩු කර භාවිතා කිරීම

ඇස්ප්‍රින් පෙති 5-6 ක් පමණ කුඩු කර ලෙමන් යුෂ සහ ජලය සමඟ මිශ්‍ර කරන්න. රළු සම සහිත කොටස මත තැබිය හැකි පරිදි ඝන මිශ්‍රණයක් සාදාගන්න. ආලේප කර උණුසුම් තුවායකින් සම ආවරණය කර පොලිතින් බෑගයකින් ද ආවරණය කරන්න. මිනිත්තු 10 ක් ගත වූ පසු පමිස් ගලකින් රළු සම අතුල්ලන්න. ඔබ දියවැඩියාව හෝ ඇස්ප්‍රින් වලට ආසාත්මික අයෙක් නම් මේ ක්‍රමය භාවිතයෙන් වැළකී සිටින්න.

  1. බේකිං සෝඩා

ජලය සමඟ බේකිං සෝඩා එකතු කර ඝනකම් මිශ්‍රණයක් සාදාගන්න. සමේ රළු වී ඇති තැන් සුවවී යන තුරු නිතිපතා මේවා සමේ ආලේප කරන්න.

  1. තේ වල කකුල් පොඟවාගෙන සිටීම

උණුසුම් තේ සහිත බේසමක කකුල් පොඟවාගෙන සිටීම ද තවත් හොඳ සත්කාර ක්‍රමයකි. වතුරට කැමොමයිල් තේ හෝ ටී ට්‍රී ඔයිල් ස්වල්පයක් එකතු කරගන්න.සමේ ඇතිවූ තේ කහට පැල්ලම් සබන් සහ ජලයෙන් පහසුවෙන් සෝදා ඉවත්කරගත හැකියි.

  1. කෝන් පිටි වලින් සම ඇතිල්ලීම

දෙපතුල් වල කෝන්පිටි ස්වල්පයක් අතුල්ලන්න. එමඟින් රළු වූ සම ආශ්‍රිත ප්‍රදේශයේ අපහසුතා හෝ ආසාදනයන් ඇතිවිම වළක්වාගත හැකියි. මේවා රිදුම්දෙන හ අසමෙන් ඉහලට නෙරා ඇති ඝනකම් සම සමනය කරවයි.

  1. විනාකිරි වලින් වෙළුම් සත්කාරයක්
,,,,,

කපු පුළුන් කැබැල්ලක් විනාකිරි වල පොඟවා රළු වූ සම සහිත තැන මත තබන්න. ටේප් පටියකින් ආවරණය කරමින් රාත්‍රිය පුරා එය සම මත ‍රැ‍ඳෙනට හරින්න. පසුදා පමිස් ගලකින් එතැන අතුල්ලන්න. අවට සමේ නොගෑවෙන සේ ,විනාකිරි ඝන වූ සම මත පමණක් ස්පර්ෂ වෙන ආකාරයෙන් ගල්වගන්න.

  1. අන්නාසි පෙති වලින් සම ඇතිල්ලීම

අන්නාසි වල සමේ රළු වූ ස්වභාවය දුරුකරවමින් සම සුමුදු කල හැකි එන්සයිම අඩංගු වේ. අන්නාසි පොත්තක් සමේ රළු වී ඇති තැන මත තබා රෙදි කැබැල්ලකින් එය ආවරණය කරන්න. සතියක් පුරා රාත්‍රියේ මේ සත්කාරය සිදුකරන්න.අන්නාසි යුෂ ගැල්වීමද හොඳ සත්කාර ක්‍රමයකි.

  1. පරණ පාන් භාවිතයෙන් සත්කාරයක්

පරණ වූ පාන් ආහාරයට ගැනීමට නම් නොහැකියි. නමුත් එය සමට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකියි. පාන් පෙති බාගයක් ඇපල් සයිඩර් විනාකිරි වල පොඟවා රළු සම මත තබා ටේප් පටියකින් වෙළුම් යොදන්න. පොලිතින් කවරයක් ඔතමින් කකුලට හෝ අතට කපු මේස් එකක් /අත්වැස්මක් පැලඳ නින්දට යන්න.

  1. කෝමාරිකා

කෝමාරිකා මදය හෝ කෝමාරිකා ජෙල් නිෂ්පාදනයක් භාවිතා කරමින් සමේ රළු වුණු තැන් වල ඒවා ආලේප කර බැන්ඩේජ් පටියකින් ආවරණය කරගන්න.පසුව පමිස් ගලකින් රළු සම ඉවත්කරගන්න.

  1. විටමින් A සහ විටමින් E තෙල් වලින් සත්කාරයක්

මෙම කරල් එකක ඇති තෙල් අතට ගෙන රළු වි ඇති සම සහිත තැන් වල ආලේප කරන්න. සම සුවපත් වනතුරුම දිනපතා රාත්‍රී නින්දට පෙර මෙය සිදුකරන්න.

  1. පෙට්‍රෝලියම් ජෙලි හෝ  සම මෘදු කරවන ක්‍රීම් වර්ගයක් භාවිතා කරමින් මේස් එකක්/ අත්වැස්මක් පැලඳීම

මැරුණු සම ඉවත්කරන ක්‍රීම් හෝ ලෝෂන් වර්ග ද රළු සම ඉවත්කරගැනීමට භාවිතා කල හැකියි. Salicylic acid, urea, ammonium lactate වැනි අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන විශේෂයි. එමෙන්ම සම මෘදු කරවන ක්‍රීම් හෝ පෙට්‍රෝලියම් ජෙලි ද සමේ රළු -ඝනකම් වි ඇති තැන් සුවපත් කරගැනීමට භාවිතා කල හැකියි. අත් වල හෝ පාද වල එසේ සම ඝනකම් වී ඇති තැන් වල එවැනි ආලේපයක් ගල්වා අත්වැස්මක් හෝ මේස් එකක් පැලඳගෙන නින්දට යන්න. 

පැළුණු යටි පතුල් වලට ප්‍රතිකාරයක් ලෙස ෂියා බටර් (Shea butter) භාවිතා කල හැකියි.

 ඔබේ දෙපා වල යටි පතුල් පැළී හෝ රළු වී ඇත්නම් සම මත ෂියා බටර් ස්වල්පයක් ආලේප කර අතුල්ලන්න. මෙමඟින් සමට තෙතමනය ලබාදීම වගේම හානි වූ සම සුවපත් කිරීම ද සිදුකරයි.එමෙන්ම පීඩාවට ලක්වි ඇති කකුල් වල රිදුම්දෙන ස්වභාවය ද සමනය කරයි.