The Lanka Post

Official Lanka Post Blog

සූනන් ඇඟට වැටුණු තැන අනුව කියවෙන පලාඵල 22 ක්

විවිධ අවස්ථාවල විවිධ සත්තු දකින්න ලැබීම ගැන විවිධ කතා අපි අහලා තියෙනවනේ. ඒ අතරින් බොහොම ප්‍රසිද්ධ සතෙක් තමා හූනා කියන්නේ. පලාඵල පොතක් බැලුවත් මේ හූනන් ඇඟ වැටීම ගැන පලාඵල තියෙනවා. ඉතිං අද අපි කියන්නෙත් හූනන් ඇඟේ වැටුණාම ඇති වෙනවා කියල කියන පලාඵල කිහිපයක් ගැන. 

  • ඔයාගේ නළලට හූනෙක් වැටුණොත් එයින් කියන්නේ ඔබට වාසනාවන්ත දෙයක් සිදුවෙන බව. එනම් ධන ලාභ ලැබෙන බව කියනවා. 
  • ඔයාගේ හිසකෙස් වලට හූනෙක් වැටුණොත් නම් එ්ක ගොඩක් අසුභ දෙයක්. මොකද එහෙම වුණාම එයින් කියන්නේ ඔයා හදිසි අනතුරකට ලක් වෙන බව. 
  • දකුණු ඇස ලඟට හූනෙක් වැටුණොත් ඉන් කියන්නේ ඔයාට ඔයාගේ පරණ හොඳ යාළුවෙක් මුණ ගැසෙනවා කියලා. 
  • වම් ඇස ළඟට හූනෙක් වැටෙනවා නම් එයින් කියන්නේ අසුභ දෙයක්. එයින් කියන්නේ ඔයාගේ රැකියාවේ ගැටළු ඇතිවෙන බව.
  • දකුණු කන ලඟට හූනෙක් වැටුණා නම් එයින් කියන්නේ ඔයාට වටිනා රන් ආභරණ ලැබෙන බව. 
  • වම් කන අසළට හූනෙක් වැටුණා නම් ඒ කියන්නේ ඔයාට සුව කරන්න අපහසු රෝගයක් තියෙනවා නම් ඒ රෝගය සුව වෙන ලකුණු ඇති බව. 
  • කට ලඟට හූනෙක් වැටුණා නම් එයින් කියන්නේ ඔයාට ප්‍රණීත කෑම වර්ග කන්න ලැබෙන බව. 
  • නහය උඩට හූනන් වැටුණා නම් ඉන් කියන්නේ ඔයාගේ සිතේ තිබෙන බලාපොරොත්තු සාර්ථක කර ගන්න පුළුවන් බව. 
  • දකුණු කම්මුලට හූනෙක් වැටුණා නම් කල්‍යාණ මිත්‍රයෙක් හමු වෙන බව.  
  • වම් කම්මුලට හූනා වැටුනා නම්  ඉන් කියන්නේ ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙන බව.
  • පපුව මැදට හූනෙක් වැටුනොත් ඉන් කියන්නේ ඔයාගේ වැඩකටයුතු සාර්ථක වෙන බව.
  • බෙල්ලට හූනෙක් වැටුනොත් ඉන් කියන්නේ ඔයාට හදිස්සි ධන ලාභ ලැබෙන බව.
  • රැවුලට හූනෙක් වැටුනා නම් ඉන් කියන්නේ ඔයා අනතුරකට මුහුණ දෙන බව. 
  • දකුණු උරහිසට හූනෙක් වැටුනා නම් ඉතා සුභයි. එනම් ඔයාට බාධා දුරු කරලා අරමුණු සාර්ථක කර ගන්න පුළුවන් බව. ඒ වගේ ම ව්‍යාපාර දියුණු වෙන බව. 
  • වම් උරහිසට හූනෙක් වැටුනා නම් ඉන් කියන්නේ ඔබට ඔබේ සතුරන්ගෙන් බොහෝ කරදර පීඩා ඇති වෙන බව. 
  • කොන්දට හූනෙක් වැටුණා නම් කියන්නේ ඔයාට බාධා අතැර අරමුණු ජය ගතහැකි බව. 
  • පිට මැදට හූනෙක් වැටුනොත් කියවෙන්නේ ඔයාගේ පවුලේ රණ්ඩු සරුවල්  ඇති වන බව. 
  • දකුණු පිටට හූනෙක් වැටුණා නම් ඉන් කියන්නේ ඔයාට සැප සම්පත් ලැබෙන බව. 
  • වම් පිටට හූනෙක් වැටුණා නම් ඉන් කියන්නේ ඔයාට ලෙඩ රෝග වැළඳෙන බව. 
  • බඩට හූනෙක් වැටණොත් කියන්නේ ඔයාට රන් ආභරණ ලැබෙන බව.
  • දකුණු අතට හූනෙක් වැටුනොත් ඉන් කියන්නේ ඔයාට තෑගි ලැබෙන බව. 
  • වම් අතට හූනෙක් වැටෙන එක නම් අසුභයි. එයින් කියන්නේ ඔයාට ධන හානි සිදුවන බව.