The Lanka Post

Official Lanka Post Blog

පිළිකා වළකන මිදි යුෂ වල ගුණ 11 ක්

මිදි පලතුරු ලොව ‍රැජිණ ලෙස හැඳින්වේ.මිදි කියන්නේ අපේ රටට ආධුනික පලතුරක් නොවේ.යුරෝපා රටවල සම්භවයක් ඇති මිදි කොළ, දම්, කලු ආදි වර්ණ ගනී.මිදි ඉතා වටිනා ඖෂධීය ගුණ ඇති පලතුරක් බවයි පැවසෙන්නේ.මිහිරි රසයකින් යුක්ත මිදි ආහාර රුචිය ඇති කරවයි.යුෂ මිරිකා පානය කිරීමෙන් මිදි වලින් ලබාගත හැකි උපරිම ගුණ සිරුරට ලබාගත හැකි ය.මිදි යුෂ පානය කිරීමෙන් ශරීරයේ උෂ්ණාධික බව සමනය වී රුධිරය පිරිසිදු වේ. සමේ නීරෝගිබව සඳහා වඩාත් හොඳ ප්‍රතිලාභ ලබාදෙයි.

සාමාන්‍යයෙන් මිදි යුෂ කෝප්පයක කිලෝකැලරි අගය දැක්වෙන්නේ 152 ක් ලෙසයි. මිදි යුෂ කෝප්පය අන්තර්ගත ප්‍රධාන පෝෂක අතර කාබෝහයිඩ්‍රේට් (28.75%),මැංගනීස් (26.30%),ෆ්ලෝරයිඩ් (8.73%),යකඩ (7.88%),විටමින් බී 6 (6.23%) බහුල වේ. ඒවාට අමතරව ඇන්තොසියානින්, ටැනින්, කාබනික අම්ල, වෙනත් විටමින් සහ ඛනිජ ලවණ වල ඉහළ අන්තර්ගතයක් ඇත. අධ්‍යයනයෙන් හෙළි වන්නේ මිදි බීජ, යුෂ සහ පොත්තේ ප්‍රබලතම ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ලෙස සැලකෙන රෙස්වරේට්‍රෝල් බහුලව දක්නට ලැබෙන බවයි. මිදි යුෂ යනු ළමයින් සහ වැඩිහිටියන් අතර ජනප්‍රිය පානයකි. වස විසෙන් තොර කාබනික මිදි පරිභෝජනය වගේම සීනි අඩුවෙන් මුසු කරමින් මිදි යුෂ පානය කිරීම ඉන් ලැබෙන ප්‍රතිලාභ උපරිමයෙන් අත්කරගැනීමට උපකාර කරයි.මිදි යුෂ වල සෞඛ්‍ය ප්‍රතිලාභ

1.සමට හිතකර ප්‍රතිලාභ ලබාදෙයි-මිදි යුෂ වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය වයසට යාමේ සලකුණු මන්දගාමි කරවමින් සමේ පෙනුම ප්‍රවර්ධනය කරයි. ගෙදර හැදූ මිදි යුෂ වීදුරුවක් දිනපතා පානය කිරීමෙන් සමට හොඳ ප්‍රතිලාභ ලැබෙන බව සඳහන් වේ.රැළි වැටීම හෝ වයසට යාමේදි සමෙහි අඳුරු ලප ඇති වීම වළක්වා ගැනීමට උපකාරී වන අතර ලප කැලැල් සහ රතු පැල්ලම් සුව කරයි.

2.මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරයි-මිදි යුෂ වල රෙස්වරේට්‍රෝල් සහ ඇන්තොසියානින් ඇති අතර ඒවා ඔක්සිකාරක ආතතිය අඩු කිරීමෙන් සංජානනය වැඩි දියුණු කිරීමට සම්බන්ධ වේ. ප්‍රතිඔක්සිකාරක මඟින් ද්‍රව්‍ය තැන්පත් වීම අඩු කරන අතර පාකින්සන් රෝගය සහ ඇල්සයිමර් රෝගය වැළැක්වීම සිදුකරයි.

3.පිළිකා වළක්වයි-ප්‍රතිඔක්සිකාරක සෛල විකෘති කිරීම සහ පිළිකා සෛල තුළ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන හානිකර මුක්තකණ්ඩ උදාසීන කිරීම සිදුකරමින් පිළිකා මර්දනයට ප්‍රතිලාභ දේ .

4.රුධිර පීඩනය කළමනාකරණය කරයි-මිදි යුෂ වල හිතකර පොටෑසියම් ප්‍රමාණයක් සහ ආහාර තන්තු ප්‍රමාණයක් ඇත. ඒවා හෘද සෞඛ්‍යය ප්‍රශස්ත කරන අතර රුධිර පීඩනය අඩු කර හෘදයාබාධ, ධමනි සිහින් වීම සහ අංශභාගය ඇතිවීමේ අවදානම වළක්වයි.

5.හිසකෙස් වලට හොඳ සත්කාරයකි-මිදි යුෂ සෘජුවම හිසට ආලේප කරන්න.සාන්ද්‍රිත ඛනිජ සහ පෝෂ්‍ය පදාර්ථ කේශ කූප පෝෂණය කරමින් එහි නීරෝගිබව ප්‍රවර්ධනය කරයි . හිසකෙස් දීප්තිය වැඩි දියුණු කරයි.

6.සිරුරට ශක්තිය සපයයි-පලතුරු යුෂ වල කාබෝහයිඩ්‍රේට් ඉහළ අන්තර්ගතයක් ඇති අතර එමඟින් සිරුරට සුවිශේෂී ශක්තියක් ලැබේ. කෙසේවෙතත් සීනි අන්තර්ගතය ගැන සැලකිලිමත් විය යුතුය.

7.සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වාගැනීමට සහය දේ-කොලෙස්ටරෝල් මට්ටම ගැන සැලකිලිමත් වන අය මිදි යුෂ පානය කිරීම හරහා හොඳ ගුණයක් ලබාගත හැක . අධ්‍යයනයකින් හෙළි වන්නේ ධමනි වල නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට මිදි යුෂ උපකාරී වන බවත් , එමඟින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට සහ ශරීරයේ කාර්යක්ෂම රුධිර සංසරණයට දායක වන බවත් ය.

8.හෘද ගැටලු වළක්වයි-මිදි යුෂ මඟින් නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම වැඩි කරන අතර රුධිර වාහිනී නම්‍යශීලී ව පවත්වාගනිමින් රුධිර පීඩනය පාලනය කරයි. එමඟින් හදවත සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නා අතර හෘදයාබාධ ඇතිවීමේ අවදානම වළක්වයි.

9.විරේචකයක් ලෙස ක්‍රියා කරයි-ආහාර දිරවීමේ ගැටළු මෙන්ම මලබද්ධය ද ඇති ළදරුවන්ට සහ වැඩිහිටියන්ට මිදි යුෂ ස්වාභාවික විසඳුමකි. ආහාර ජීර්ණ පද්ධතියේ සහ බඩවැල් පද්ධතියේ යහපත් සෞඛ්‍ය වර්ධනය කරන ස්වාභාවික විරේචක එහි අඩංගු වේ.

10.ඔසප් වීම ක්‍රමවත් කරයි-සාමාන්‍යයෙන් කාන්තාවන් වැඩිවිය පැමිණීමේ මුල් අවධියේදී හෝ ආර්තවහරණ අවධියේදී සුළු හා අවිධිමත් ඔසප් වීම් ගැටලු වලින් වලින් පීඩා විඳිති. මෙම ගැටලුව වලක්වා ගැනීම සඳහා මී පැණි, මිදි යුෂ සහ පොඩි කළ වියළි රට ඉඳි සමාන ප්‍රමාණයක් මුසු කර දිනපතා හිස් බඩ පරිභෝජනය කරන්න. මෙය මසක් පමණ ගත වන තුරු සිදුකරන්න.

11.අස්ථි ශක්තිමත් කරයි-මිදි යුෂ යනු යකඩ, තඹ සහ මැංගනීස් වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර එය අස්ථි සෑදීම හා එහි ශක්තිය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මිදි යුෂ පානය කිරීමෙන් අස්ථි ඝනත්වය සෞඛ්‍ය සම්පන්න වේ.

සාම්ප්‍රදායික භාවිතයන්

  • ආම්ලිකතාවය සහ කැස්ස ඇතිවීම වැළැක්වීම සඳහා දිනපතා මිදි යුෂ පානය කරන්න.
  • මිදි යුෂ උදෑසන පානය කිරීමෙන් ඉරුවාරදය සුව කිරීමට උපකාරී වේ.
  • රුධිර ආබාධ සුව කිරීමට හෝ ශරීරයෙන් හානිකර විෂ ඉවත් කිරීමට ද උපකාරී වේ.
  • මලබද්ධයට පිළියමක්.
  • ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ද යොදා ගනී.
  • දම් පැහැති මිදි යුෂ ධමනි සිහින් වීම වැළැක්වීමට උපකාරී වේ.
  • රක්තවාතය සහ සුළු ආසාදන සඳහා ප්‍රතිකාරයකි.
  • මෙම යුෂ වල කොලජන් අඩංගු බැවින් සිනිඳු සහ පැහැපත් සමක් ලබා ගැනීම සඳහා මිදි යුෂ පානය කරන්න.

පූර්වාරක්ෂාවට

  • මිදි වලට ආසාත්මිකතාවයක් ඇති පුද්ගලයින් යුෂ පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
  • සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා එය මධ්‍යස්ථ ප්‍රමාණවලින් පරිභෝජනය කරන්න.