ශක්තිමත් දිදුලන නීරෝගි හිස කෙස් සඳහා උපදෙස් 20 ක්
දිගු හෝ කෙටි හෝ වේවා, කෙස් කලඹේ නිරෝගිබව ආරක්ෂා වීම නම් දිනපතා එයට සත්කාර ලබාදීම වැදගත්. හිසකෙස් වල සුන්දරත්වය ආරක්ෂා කරගැනීමට බොහෝ දෙනා විවිධ හෙයාර් ලෝෂන් වර්ග, ෂැම්පු, කන්ඩිෂනර් වර්ග වගේම හෙයාර් මාස්ක් වර්ග ද භාවිතා කරනවා. සාමානයෙන් මේ ක්‍රම සඳහා වැඩි මුදලක් ඔබට වියදම් කිරීමට සිදුවෙනවා.
නීරෝගී කෙස් කලඹකට ආසාවෙන් කොච්චර ප්‍රතිකර්ම කලත් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැතිද? එහෙනම් අද ලිපිය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි. අද අප ඔබට කියන්නට සූදානම් වෙන්නේ ශක්තිමත්, දිදුලන හා නීරෝගි කෙස්කලඹක් ලබාගැනීම සඳහා ඔබට පහසුවෙන්ම අනුගමනය කල හැකි උපදෙස් කිහිපයක් ගැනයි.මේ ක්‍රම හා උපදෙස් උත්සාහ කලෝතින් නම් ඔබට නීරෝගි සහා දිදුලන කෙස් කලඹක් වර්ධනය කරගන්න එක තව දුරටත් හීනයක් නොවේවි.

- Shampoo ගැල්වූ පසු ඔබේ හිසකෙස් පිරිසිදු විනාකිරි (plain white vinegar) වලින් තෙත් කරගන්න. මිනිත්තු කිහිපයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය භාවිතා කරන පළමු වර සිටම ඔබේ කෙස්කලඹ දීප්තිමත් -දිදුලන ස්වභාවයකට පත්වන අයුරු දැකිය හැකිවේ.
- මාසයකට වරක්, අලිගැට පේර වලින් සැකසූ ස්වභාවික මාස්ක් එකක් කෙස්කලඹේ ගල්වා ඊට සත්කාර කරන්න.
- Shampoo වෙනුවට අමු බිත්තර කහ මද කිහිපයක් ගල්වමින් හිසකෙස් සෝදාගන්න.මෙය තරමක් අමුතු සත්කාරයක් වුවත් මෙම ස්වභාවික සත්කාරයෙන් ඔබේ හිසකෙස් වලට හොඳ තෙතමනයක් ලැබෙන අතර කෙස්කලඹ දුර්වල වීම වැළකේ.
- ඔබේ කෙස්කලඹ නිතර නිතර සේදීමෙන් වළකින්න.ඉන් ඔබේ හිස්කබලේ පවතින, ඔබේ හිසකෙස් වර්ධනයට සහ පෝෂණයට අත්‍යාවශ්‍ය තෙල් අධික ලෙස ඉවත් වී යාම සිදුවේ. ඉන් හිස්කබල වියළී ගොස් ඉස් හොරි වැනි වෙනත් ගැටළු ඇති විය හැක.
- සල්ෆේට් රහිත (sulfate free ) ෂැම්පු වර්ගයක් තෝරාගන්න. කෙස්ගස් වල ස්වභාවික තෙතමනය ඉවත්කරවන වඩාත් ප්‍රබල හානිකාරකයක් ලෙස සල්ෆේට් හැඳින්විය හැකිය. සල්ෆේට් රහිත නිෂ්පාදන භාවිතයෙන් ඔබේ කෙස්කලඹ වඩාත් ශක්තිමත් කරගැනිමට හැකි වේ.
- නින්දට යාමට පෙර ඔබේ කෙස්කලඹ ලිහිල්ව ගොතාගන්න. පසුදා උදෑසන අලංකාර රැළි ස්වභාවයක් කෙස්කලඹේ දැකිය හැකිය. මින් හිසකෙස් ගැටගැසීයාම, නින්දේදි කෙස් ඇතිල්ලී කැඩීයාම වැළකේ. කෙස්කලඹ වේගයෙන් වර්ධනය වීම පහසු වේ.

- දිනපතා දාර කෙඳි සහිත බුරුසුවකින් (wooden-bristle brush) ඔබේ හිස්කබල සම්බාහනය කරන්න. ඉන් හිස්කබලේ රුධිර සංසරණය සක්‍රීය වී හිසකෙස් වර්ධනය වැඩිදියුණු වේ.
- ඔබේ කෙස්කලඹ හිරු කිරණින් ආරක්ෂා කරගන්න sunscreens භාවිතා කරන්න.කෙස්කලඹ ක්ලෝරීන් සහ ලුණු වතුරින් ආරක්ෂා කරගැනීමට විශේෂ hair styling නිෂ්පාදනයක් භාවිතා කරන්න.
- නිතර නිතර ඔබේ හිසකෙස් blow dry කිරීමෙන් වළකින්න. එවැනි කෘතිම ක්‍රම භාවිතා කරන විට අධික තාපයට නිරාවරණය වන හිසකෙස් ආරක්ෂා කරගැනීමට blow dry lotion හෝ leave-on conditioner එකක් භාවිතා කරන්න.කෙස්කලඹ ස්වභාවිකව පවනේ වියළාගන්න.
- රාත්‍රී නින්දට පෙර හොඳින් හිසකෙස් වියළා ගන්න. තෙත් කොණ්ඩය පහසුවෙන් කැඩීයාමේ ප්‍රවණතාව වැඩිය.
- කෙස්කලඹ තාපයෙන් ආරක්ෂා කරන spray-in heat protectant නිෂ්පාදනයක් භාවිතා නොකර hot straightners, curling iron ආදී තාපයෙන් ක්‍රියාකරන හිසකෙස් අලංකරණ උපකරණ භාවිතා නොකරන්න.

- ඔබේ කෙස්කලඹට ඉතා ඉහළ මට්ටමේ ප්රතිලාභ ලබාදීමේ හැකියාව ආර්ගන් තෙල් වල ඇත (argan oil). හිසකෙස් අග පැළීම් සහ හිස්කබලේ අධික වියළි බව වැනි ගැටලු ඇති අයට මේ තෙල් වර්ගය ඉතා ප්‍රයෝජනවත් ය. මෙය leave-on conditioner එකක් ලෙස ද භාවිතා කල හැකියි.
- කෙස්කලඹ තෙත්ව තිබෙන විට බුරුසුවකින් පීරීමෙන් වළකින්න. ඉන් හිසකෙස් දුර්වල වී පහසුවෙන් කැඩීයාමට පළුදුවීමට ඉඩ ඇත. ඒ වෙනුවට conditioner ගැල්වූ පසු පළල් තත් සහිත පනාවක් භාවිතා කල හැකිය.
- හිසකෙස් වර්ණගැන්වීමෙන් (dye) කිරීමෙන් හෝ ‘බ්ලීච්’ (bleach) නොකරන්න.හිසකෙස් වර්ණක වල ඇමෝනියා වැනි රළු රසායනික ද්‍රව්‍ය අඩංගුය. ඒවා හේතුවෙන් කෙස්කලඹට දැඩි ලෙස හානිවිය හැකි අතර ඇතැම් විට හිස්කබලේ සම පිලිස්සුමට ලක්විය හැක.
- සැටින් හෝ සිල්ක් (සේද) රෙද්දෙන් මැසූ කොට්ට කවරයක් භාවිතා කරන්න.මෙම රෙදි අමුද්‍රව්‍ය වල ස්වභාවය ඔබේ හිසකෙස් වලට ඇතිවිය හැකි හානි අවම කරයි.
- ඔබට ඇත්තේ හානි වූ කෙස්කලඹක් නම් හිසකෙස් වල අග පැළීම් හටගැනීමට ඇති ඉඩකඩ වැඩිය. එබැවින් ඔබේ කෙස්කලඹ නීරෝගිව තබාගැනීමට සෑම සති 8 කට වරක්ම එහි අග කොටස් කපා කෙටි කරන්න (trim).
- බයෝටීන් විටමිනය භාවිතා කරන්න. මින් ඔබේ සම , නිය සහ හිසකෙස් වල වර්ධනය වැඩිදියුණු කරයි. නිසි වෛද්‍ය උපදෙස් ලබාසිටීම ද වැදගත්.

- සැහැල්ලුවෙන් සිටින්න! ආතතිය ද ඔබේ හිසකෙස් වල නීරෝගිබව කෙරෙහි බලපායි. ඔබ කෙස්කලඹට කොතරම් සත්කාර කලත් ඔබ මනසින් ව්‍යාකූලව, පීඩනයකින් සිටිනවා නම් ඔබේ කෙස්කලඹේ සැබෑ ලස්සන ඉස්මතු නොවේ.
- හොඳ සමබල පෝෂණයක් සිරුරට ලැබෙන පරිදි ඔබේ ආහාර රටාව සකස් කරගන්න.හිසකෙස් වල වර්ධනය සඳහා ගුණාත්මක ආහාර පාන පරිභෝජනය වැදගත් වේ.ඔබ හොඳින් ප්‍රෝටීන, විටමින, ස්වභාවික මේද සහ ඛනිජ ලවණ පෝෂණයක් සිරුරට ලබානොගන්නේ නම් ඔබේ කෙස්කලඹට එය සෘණාත්මකව බලපෑ හැකියි.
- විටමින් සහ තෙල් වර්ග වලින් සමන්විත ස්වභාවික හෝ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයෙන් නිතිපතා ඔබේ කෙස්කලඹට සත්කාර ලබාදී හිසකෙස් පෝෂණය කිරීමට අමතක නොකරන්න!