මලබද්ධය සුව කරන කෝප්ප කොළ
බොහෝ දෙනෙකු නොදැනුවත් වූවාට මුගුණුවැන්න, ගොටුකොළ ආදී පළා වර්ග මෙන්ම ගුණදායි පළා වර්ගයක් ලෙස කෝප්ප කොළ හැදින්වීම වරදක් නොවේ. බොහෝ දෙනෙකු කෝප්ප කොළ පිළිබදව නොයෙක් මතවාද දැරුවද කෝප්ප කොළ ආහාරයට ගැනීම ගුණදායකය.
අතීතයේ පටන්ම අපේ මුතුන් මිත්තන් කෝප්ප කොළ කලවම් පළා මැල්ලුමට එකතු කර ගෙන තිබේ.මෙම පත්‍ර කෝප්පයක හැඩයෙන් යුතු වන හෙයින් කෝප්ප කොළ යනුවෙන් හදුන්වන අතර අදවන විට මෙය ආහාරයට ගැනීමට වඩා වගා කරනු ලබන්නේ විසිතුරු ශාකයක් ලෙසය. කෙසේ නමුදු ගුණ දන්නො මෙහි කොළ කලවම් පළා මැල්ලුමක් ලෙස මෙන්ම රසවත් සම්බෝලයක් ලෙසද ආහාරයට එකතු කර ගනී කෝප්ප ශාකයේ කොළවල පැහැය අනුව ප්‍රභේද දෙකක් දක්නට ලැබේ
- 1.සුදු පාට පුල්ලි වැටුනු පත්‍ර දරන කෝප්ප ශාකය
- 2.කොළ පැහැති පත්‍ර දරන කෝප්ප ශාකය බොහෝ විට ආහාරයට ගනු ලබන්නේ කොළ පැහැති කෝප්ප කොළය.
කෝප්ප කොළවල ඖෂධීය භාවිතය

- පාචනය සමනය කරයි
- පාචනය වැනි රෝගී අවස්ථාවකදී එම තත්ත්වය සමනය කර ගැනීමට කෝප්ප කොළ ආහාරයට ගැනීම
- ගුණදායකය.
- මළබද්ධය සමනය කරයි
- කෝප්ප කොළ වල බහුලව තන්තු අඩංගු වන හෙයින් මලබද්ධය ඇතිවූ විටක ආහාරයට ගැනීම සුදුසුවේ.
- මුත්‍ර රෝග සුව කරයි.
- කෝප්ප කොළ සම්බෝලයක් හෝ පළා මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීම මගින් මුත්‍රා රෝග සමනය කර ගත හැකිය.
- මුඛයේ ආසාදන සමනය කරයි.
- තොල් පැලීම, මුඛය ආශ්‍රිත තුවාල හට ගැනුන විටක කෝප්ප කොළ ආහාරයට ගැනීම මගින් එම රෝගී තත්ව සමනය කර ගත හැකිය.
- ඇස් පෙනීම වර්ධනය කරයි.
මුකුණුවැන්න, සාරණ, ගොටුකොළ මේ ආදී වූ පළා වර්ග මෙන්ම ඇසට හිතකර පලා වර්ගයක් ලෙස කෝපප කොළ ආහාරයට ගැනීම ඇස් පෙනීම වර්ධනය කිරීමට මෙන්ම අක්ෂි රෝග සමනය කිරීමට ද හේතුවේ.
නීරක්තිය සමනය කරයි. කෝප්ප කොළ ආහාරයට ගැනීමෙන් එහි අඩංගු යකඩ රුධිරය වර්ධනය කිරීමට ඉවහල්වේ. ඉන් රක්තහීනතාවය වැනි රෝග තත්ත්වයන් සමනය කර ගත හැකිවේ.
මව් කිරි වඩයි. කෝප්ප කොළ මව් කිරි වර්ධනය කිරීමට ආහාරයට ගත හැකි තවත් එක් පළා වර්ගයකි. මෙහි අඩංගු විටමින්, ප්‍රෝටීන්,යකඩ මවි කිරි වර්ධනය කිරීමට උපකාරීවේ. එමනිසා කිරි දෙන මව්වරුන්ට ආහාරයට ගැනීම සුදුසුවේ.
අධිරුධිර පීඩනය ඇතිවීම වළක්වයි.කෝප්ප කොළ ආහාරයට ගැනීම මගින් රූධිරය වර්ධනය කිරීම මෙන්ම රුධිරය කැටි ගැසීම ද පාලනය කරයි. එමනිසා අධිරුධිර පීඩනය ඇති නොවේ. නමුත් අධිරුධිර පීඩනයට ඖෂධ භාවිතා කරන්නේ නම් කෝප්ප කොළ ආහාරයට නොගත යුතුය.
කෙස් වර්ධනය කරයි.හිසකෙස් වර්ධනය කිරීමට කෝප්ප කොළ ආහාරයට ගැනීම මෙන්ම පොල් තෙල් සමග කෝප්ප කොළ අඹරා හිසෙහි ගැල්වීම ද සුදුසුවේ ඉන් හිසකෙස් වර්ධනය වීම මෙන්ම හිස්සොරි සමනයට පත් කර ගත හැකිය.
කෝප්ප කොළ මැල්ලුම සකස් කර ගන්නා ආකාරය

- සිහින්ව ලියලාගත් කෝප්ප කොළ දෙමිටක්
- තෙල් ස්වල්පයක්
- සිහින්ව ලියලා ගත්අමුමිරිස් කරල් දෙකක්
- සිහින්ව ලියලා ගත් රතුලූනු ගෙඩි1
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- පොල් ස්වල්පයක්.
සාදන ක්‍රමය- කෝප්ප කොළ,ලුණු , අමුමිරිස්, ගම්මිරිස් සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු පසුව කෝප්ප කොළ මිශ්‍රණය එයට එකතු කරන්න. මද වේලාවක් තබා පොල් ටිකද ඊට එකතුකර මද ගින්දරේ පිස ගෙන දෙහි එකතු කර ආහාරයට ගන්න.
මීට අමතරව කෝප්ප කොළ කලවම් පළා මැල්ලුමකටද එකතු කර ගත හැකිය. එමෙන්ම සම්බෝලයක් ලෙසද සකස් කර ආහාරයට ගත හැකිය
සම්බෝලයට-කෝප්ප ළපටි කොළ ගෙන සිහින්ව ලියලා පොල් ගම්මිරිස්,ලියලා ගත් ලූනු, ලියලා ගත් අමුමිරිස්, සහ උම්බලකඩ, පදමට ලුණු ස්වල්පයක් මුසු කොට සියල්ල හොඳින් පොඩිකර දෙහි ඇඹුල් දමා ආහාරයට ගන්න.නොයෙක් රෝග සමනයට ඔබත් කෝප්ප කොළ හැකි පරිදි ආහාරයට එක් කර ගන්න.