The Lanka Post

Official Lanka Post Blog

දියවැඩියාවට පිළිකාවට ගුණ දෙන කුරක්කන්

ධාන්‍ය වර්ග  බොහෝමයක් පැවතුණ ද ඒ අතර වඩාත් ගුණදායක ධාන්‍ය වර්ගයක් ලෙස කුරහන් නොහොත් කුරක්කන් ප්‍රචලිතය. බොහෝදුරට හේන් ගොවිතැන් කිරීමේදී වැඩි වශයෙන් වගා කරන කුරක්කන් අවශ්‍ය නම් නිවසේ වුවද වගා කර ගත හැකිය.

ඈත අතීතයේ ප්‍රධාන ආහාර වේලක් වූ කුරහන්  පිටි කර ගැනීම සදහා සෑම නිවසකම පාහේ කුරහන් ගලක් ද දක්නට ලැබුණි. නමුත් කාර්යබහුල ජීවන රටාවත් සමග අද වනවිට කුරහන් බොහෝදෙනකු වෙළෙඳපොළ තුළින් මිලදී ගැනීම සිදුකරයි. එසේ මිලදී ගැනීමේදී එහි ගුණාත්මකභාවය පිළිබඳව සැලකිලිමත් වීම බෙහෙවින් වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල කුරහන්  ඖෂධයක් ලෙසද භාවිතා කරනු ලබයි. අප්‍රිකාව, චීනය, ඉන්දුනීසියාව ආදී රටවල නොයෙක් රෝග පීඩා සමනය කර ගැනීමට කුරහන් භාවිතා කර තිබේ.

කුරහන් ධාන්‍ය පිටි කරගෙන කුරහන් විවිධාකාර ලෙසින් ආහාරයට ගත හැකිය. කුරහන් තලප, රොටී, පිට්ටු, හැලප, ඉදිආප්ප,කැඳ ආදී ලෙස නොයෙක් ආකාරයෙන් රසවත් කෑම සකස් කර ගත හැකිය.

කුරහන් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ කැලරි, ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්,  පොස්පරස්,යකඩ, කැරොටීන්, තයමීන්,රයිබෝප්ලේවීන් නයිසීන් ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගුවේ.

කුරහන් වල ඖෂධීය භාවිතය

ශරීරගත බර අඩු කරගත හැකිය. කුරක්කන් ආහාරයට ගැනීමෙන් කුස හොඳින් පිරේ. එමෙන්ම ජීර්ණය වීමට බොහෝ වේලාවක් ගත වන හෙයින් කුසගිනි ඇතිවීම පාලනය කෙරේ. කුරක්කන්වල ඇමයිනෝ අම්ල අඩංගු වීම නිසා ආහාර රුචිය ද ඇති නොවේ එමනිසා බර අඩු කරගැනීමට අවශ්‍ය නම් කුරක්කන් ආහාරයට ගැනීම වඩාත් සුදුසුය.

මල බද්ධය සමනය කරයි.කුරක්කන් ආහාරයට ගැනීමෙන් මළ බද්ධය සමනයවේ. එනම් කුරක්කන් වල අඩංගු තන්තු මගින් මලබද්ධය ඇතිවීම සමනය කරයි.

ඔසප් චක්‍රය ක්‍රමවත් කරයි. කුරක්කන් ආහාරයට ගැනීමෙන් කාන්තාවන්ගේ අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගත හැකිවේ. එනම් කැල්සියම් යකඩ මගින් රුධිරය වර්ධනය කිරීම සිදුකරයි.

කොලෙස්ටරෝල් පාලනය කරයි.කොලෙස්ටරෝල් පාලනය කිරීමට කුරක්කන් යනු ගුණදායක ආහාරයකි එමනිසා කොලෙස්ට්‍රෝල් රෝගීන්ට කුරක්කන් ආහාරයට ගැනීම සුදුසුවේ. 

ආමාශගත රෝග සමනය කරයි.බඩ පිපුම, ආමාශගත විෂ සිරුරෙන් ඉවත් කිරීමට ආමාශය පිරිසිදු කිරීමට මෙන්ම ආමාශගත පිළිකා තත්ත්වයන් අවම කිරීමටද කුරක්කන් යන ගුණදායක ආහාරයකි.

දියවැඩියා රෝගීන්ට ගුණදායකය. කුරක්කන් ආහාරයට ගැනීමෙන් රුධිර සීනි මට්ටම පාලනය කරගත හැකිය. එම නිසා දියවැඩියා රෝගීන්ටද කුරක්කන් ආහාරයට ගැනීම ගුණදායකය. නමුත් කුරක්කන් සීනි නොදමා ආහාරයට ගැනීමට වගබලා ගත යුතුය.

පිළිකා ඇතිවීම පාලනය කරයි. කුරක්කන් ආහාරයට ගැනීමෙන් පිළිකා සෛල මර්දනය කරයි. එමනිසා පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා වැළදීමෙන් ආරක්ෂා වීමටද කුරක්කන් ගුණදායක ආහාරයකි.

මුත්‍රාශය හා වකුගඩු ආශ්‍රිත ගල් ඉවත් කරයි. කුරක්කන් මුත්‍රා ගත ගල් හා වකුගඩු ආශ්‍රිත ගල් ඉවත් කිරීමට බෙහෙවින් උපකාරී වන ආහාරයකි. 

කිරිදෙන මව්වරුන්ට හිතකරවේ කුරක්කන් වල අඩංගු විටමින්, ප්‍රෝටීන් ආදිය මගින් කිරි එරීම වර්ධනය කරනු ලබයි. එම නිසා කිරි දෙන මවුවරුන්ට ගත හැකි ගුණදායක ආහාරයක් ලෙස කුරක්කන් නම් කළ හැකිය.

මාංශ පේශි, අස්ථි ශක්තිමත් කරයි.කුරක්කන් ආහාරයට ගැනීම මගින් අස්ථි ශක්තිමත් කරයි, මාංශපේශී වර්ධනය කරයි.එමනිසා අස්ථි හා මාංශපේශී ශක්තිමත් කිරීමට කුරක්කන් ආහාරයට ගැනීම සුදුසුවේ.

කැද සකස් කරගන්නා ආකාරය

  1. කුරහන් පිටි ස්වල්පයක් 
  2. වතුර කෝප්පයක් 
  3. පොල්කිරි ස්වල්පයක් 
  4. ලුණු ස්වල්පයක්

කුරක්කන් පිටි, වතුර , ලුණු මිශ්‍ර කර මැටි බදුනකට දමා ලිප තබා අඩු ගින්දරේ තබා සෙමින් හැඳිගාන්න. පසු පොල්කිරි ස්වල්පයක් එකතු කර පැසෙන විට ලිපෙන් බා හකුරු සමඟ පානය කරන්න.