දිනපතා ඉඟුරු තේ පානය කිරීමෙන් සිරුරට ගුණ 6 ක්
ඉඟුරු වල ඇති ඖෂධීය ගුණය නිසාම ඒවා මිනිස් සිරුරට වඩාත් හිතකර බලපෑම් රැසක් ඇතිකරවයි. ඉඟුරු වල ඉහළ ජින්ජරෝල් ප්‍රමාණයක් අඩංගු වන අතර මෙම සංඝටක තුල ප්‍රති-ප්‍රදාහක ගුණයන් සහා ප්‍රති -ඔක්සිකාරක ගුණයන් බහුලවේ.ආමාශය හිස් කිරීම වේගවත් කරවන නිසා අජීර්ණය වැනි ජීර්ණ ගැටලු ඇති පුද්ගලයින් හට හොඳ ඔසුවකි. එමෙන්ම බොහෝ උදර පීඩා රැසක් සමනය කිරීමේ හැකියාවක් ඉඟුරු වල අඩංගු ව පවතියි.මේවාට අමතරව ඉඟුරු භාවිතා කිරීම මඟින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රයෝජන රැසක් ඇත.විශේෂඥයින් විසින් නිර්දේශ කරන ආකාරයට ඉඟුරු ස්වල්පයක් උණුසුම් තේ පානයකට මුසු කරමින් පානය කිරීමට හුරු වීම මඟින් එවැනි විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට ලබාගත හැකිය. මේ එවැනි වාසි කිහිපයකි
1 හෘද රෝග වැලඳීම වළක්වයි

අධ්‍යනයන් අනුව හෙලි වී ඇති කරුණක් වන්නේ ඉඟුරු භාවිතය හරහා හෘද රෝග වැලඳීමට ඇති හැකියාව අවම කරගත හැකි බවයි. ඉඟුරු වල ගුණය මඟින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහළ අගයකට ගෙනෙන අතර සිරුරේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකිරීමට කටයුතු කරමින් සිරුරේ රුධිර පීඩනය අවම මට්ටමක තබාගැනීමට උපකාර කරයි.
2 බර පාලනය කරගැනීම සඳහා උපකාරී වේ.

බර පාලනය කරගැනීමට අපොහොසත් වන එක් හේතුවක් වන්නේ බඩගිනි පාලනය කරගැනීමට නොහැකි වීමයි. සෑම විටම බඩගිනි ඇති වීම නිසා ඔබ ලබා ගන්නා කැලරි ප්‍රමාණය අධික වී බර වැඩි වීම සිදුවේ. මෙය පාලනය කරගැනීමට ඇති හොඳම විසඳුම වන්නේ ඉඟුරු තේ පානය කිරීමට හුරුවීමයි. අධ්‍යනයන් මඟින් තහවුරු කරගත් දත්ත වලට අනුව මෙම කුළුබඩු විශේෂයේ ඇති ගුණය මඟින් බඩගින්න ඇති වීම අවම කරමින් දිනකට ලබාගන්නා ආහාර ප්‍රමාණය පාලනය කරගැනීමට උපකාරී වන බව සොයාගෙන ඇත. ඉඟුරු තේ පානය මඟින් ආමාශයේ පිරුණු ස්වභාවයක් ඇති කරන නිසා නිරන්තරයෙන් ආහාර ලබාගැනීමට වුවමනා වීම අඩුවි යයි.
3 රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ.

රුධිරයේ ඉහළ සීනි මට්ටමක් පැවතීම දියවැඩියා රෝග තත්වය ලෙස හඳුනාගැනේ. ඔබ දෙවන වර්ගයේ දියවැඩියා රොගයෙන් පෙලෙන්නෙකු නම් මේ කරුණ ඔබට සුබ ආරංචියක් වනු ඇත. අධ්‍යනයන් මඟින් තහවුරු කරගෙන ඇති පරිදි සති 12 ක් පුරාවට අඛණ්ඩව දිනපතා ඉඟුරු භාවිතා කරන්නේ නම් මෙම තත්වයෙන් පෙලෙන දියවැඩියා රෝගීන්ගේ සංකූලතා ඉතා හොඳින් අවම කරගැනීමට හැකියාව තිබෙන බව සඳහන් වේ. නමුත්, භාවිතයට පෙර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාසිටීම සිදුකරන්න.
4 දණහිස් වේදනාවන් සමනය කරවයි.

ඉඟුරු වල ඇති ගුණය මඟින් දණහිස් වේදනා සමනය කරන බව ඉතා ප්‍රචලිත කරුණකි.මාස 6 ක් පුරාවට දිනපතා ඉඟුරු ආහාරයට ගැනීමෙන් හෝ පානය කිරීමෙන් දණහිස් වල ඈති වී තිබෙන ආතරයිටිස් වේදනා පැහැදිලි ලෙසම අවම කරගත හැකි බව සඳහන් වේ.
5 පිළිකා ඇති විම් වළක්වයි.

ආමාශයික පිළිකා, අග්න්‍යාශයික පිළිකා,අක්මාවේ හටගන්නා පිළිකා, බඩවැල් වල හටගන්නා පිළිකා ආදී නොයෙකුත් පිළිකා තත්ව රැසක් මතුවීමට ඉඩ නොදී වැළැවීමේ විශේෂ ගුණයක් සහා බලයක් ඉඟුරු වල අඩංගු වන බව සායනිකව තහවුරු වී ඇත.
6 මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත් කරමින් එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරවයි.

නිරන්තරයෙන් ලෙඩ රෝග වලට ගොදුරුවන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා දුර්වල මට්ටමක පැවතීම නිසාවෙනි. ඉඟුරු වල ඇති ප්‍රබල ඖෂධීය සංඝටක මඟින් ඔබේ ප්‍රතිශක්තිය වඩවමින් පද්ධතියේ ක්‍රියාකාරි බව වැඩිදියුණු කර ඔබේ සිරුර රෝගකාරක විෂබීජ ආසාදන සහා රෝග පීඩා ආදිය වැලඳීමෙන් ආරක්ෂා කරයි. ඉඟුරු තේ භාවිතා කිරීමට පටන්ගෙන දින 21 පමණ ගත වන විට ඔබටම විශාල වෙනසක් ඔබේ සිරුරේ ඇති වී තිබෙන අයුරු අත්දැකීමට හැකියාව ලැබේවි!