The Lanka Post

Official Lanka Post Blog

දිනකට වියළි මිදි 6 ක් ආහාරයට ගැනීමෙන් සිදුවෙන දේවල්

වියළන ලද ප්ලම් (dried plums) ගෙඩි සාමාන්‍යයෙන් පෲන් (prunes) ලෙස හඳුන්වන බව සඳහන් වේ. වියළන ලද ප්ලම් ආහාරයට ගැනීමෙන් සිරුරේ බර අඩුවීම, ආහාර ජීර්ණය වැඩිදියුණු වීම, අස්ථි වල පැවැත්ම සහ රුධිරය නිරෝගි වීම ආදි බොහෝ ප්‍රතිලාභ ලැබේ.මෙම වියළි පලතුරු විශේෂයේ සිරුරට වැදගත් පෝෂක ‍රැසක් අන්තර්ගත වේ.දිනකට පෲන් ගෙඩි 6 ක් අනුභව කිරීමෙන් මේ සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට අත්කරගත හැකි බවයි පැවසෙන්නේ.අතුරු ආහාරයක් ලෙසත් මේවා පරිභෝජනයට සුදුසුයි.

1.සිරුරේ බොහෝ ක්‍රියාකාරීත්වයන්ට සහය ලබාදෙයි-ප්ලම් ගෙඩි ග්‍රෑම් 100 ක පොටෑසියම් මිලිග්‍රෑම් 732 ක් පමණ අන්තර්ගත වේ.මෙම ප්‍රධාන ඛනිජ ලවණ විශේෂය සිරුරේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයට වගේම බොහෝ රෝග වැළැක්වීම සඳහා අත්‍යාවශ්‍ය පෝෂකයක් වේ.ආඝාතය වැලඳීමේ අවධානම අවම කිරීම, අස්ථි වල නීරෝගිබව ‍රැකගැනීම, නීරෝගී මාංශ පේශි වර්ධනයක් ඇතිවීමට සහය දීම සහ ස්නායු ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කර වැඩිදියුණු කිරීම එම ප්‍රතිලාභ අතර වේ.දිනකට පුද්ගලයෙකු විසින් ලබාගත යුතු පොටෑසියම් පෝෂක ප්‍රමාණය මිලිග්‍රෑම් 4700 ක් පමණ බව නිර්දේශයයි.කොළ පැහැති පත්‍ර එළවළු, කෙසෙල්, ඇපල් වගේ පොටෑසියම් බහුල ආහාර වලට අමතරව මෙම වියළි ප්ලම් වලින් ද ඔබට හොඳ පොටෑසියම් පෝෂණයක් ලබාගත හැක.

2.රුධිරයට හිතකරයි-සිරුරේ ප්‍රමාණවත් ලෙස යකඩ නොමැතිවීම හේතුවෙන් ඇනීමියාව හෙවත් රක්තහීනතාව ඇතිවිය හැකිය. එපමණක් නොව මෙම සෞඛ්‍යය ගැටලුව වෙනත් බරපතල සංකූලතා වලට තුඬුදිය හැක. බරපතල තෙහෙට්‍ටුව, හෘද හෝ පෙනහළු ආශ්‍රිත ගැටලු, ගර්භණීභාවය සම්බන්ධ ගැටලු අපහසුතා ඒ අතරින් ප්‍රධානය. වියළි ප්ලම් යනු හොඳ යකඩ පෝෂක මූලාශ්‍රයකි. මේවා ඔබේ ආහාරයට එක්කරගැනීමෙන් රක්තහීනතාව ඇතුලු යකඩ ඌනතා ගැටලු ඇතිවීම අවම කරගත හැක.

3.ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි -පෲන් ගෙඩි වල ආහාර ජීර්ණයට වැදගත් වන තන්තු බහුලව අඩංගු වේ. එක් කෝප්පයක ද්‍රාවීය තන්තු ග්‍රෑම් 12 ක් පමණ අන්තර්ගත වේ. එපමණක් නොව පෲන් වල ස්වභාවික විරේචක සංඝටකයක් වන සෝර්බිටෝල් අඩංගු වේ. එමඟින් බඩවැල් චලනය උත්තේජනය කරමින් සහය දේ. දිනකට වියළි ප්ලම් ගෙඩි 6 කට වඩා ආහාරයට නොගන්න.

4.මලබද්ධය පාලනය කරයි-මලබද්ධයෙන් පෙළෙන විට ඉන් ඇතිවන දැඩි පීඩනය මූත්‍රාශයට බලපායි. එමෙන්ම නිතර මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව ඔබට ඇතිවීමට හේතුවෙයි. මලබද්ධය සමනය කරගැනීමට ඵලදායි පිළියමක් ලෙස මෙම විශේෂ මිශ්‍රණය පරිභෝජනයට ගන්න. ඇපල් සෝස් කෝප්ප 1, ඕට්ස් නිවුඩු (bran) හෝ පිරිපහදු නොකල තිරිඟු නිවුඩු, සහ පෲන් ගෙඩි යුෂ කෝප්ප 3/4 එකට මිශ්‍රකරන්න. මෙම මිශ්‍රණයෙන් මේස හැඳි 1-2 ක් ජලය මිලිලීටර් 240 ක පමණ මිශ්‍ර කර සවස් කාලයේ පානය කරන්න.

5.සිරුරේ බර අඩුකරගැනීමට සහය ලබාදේපෲන් වල අඩංගු ඉහළ තන්තු අන්තර්ගතය නිසා ඒවා ආහාරයට ගැනීමෙන් පසු බඩ පිරුණු ගතියක් දැනෙන නිසා වැඩි කාලයක් පුරාවට කුසගිනි ඇති නොවී කාලය ගත කල හැකියි. ඉන් ඔබ ආහාර ගන්නා වාර සීමා වි සාර්ථකව බර පාලනය කරගැනීමට සහය ලැබේ.ස්ථූල කාන්තාවන්ගෙන් සමන්විත කණ්ඩායම් 2 ක් සහභාගී වූ අධ්‍යයනයකදී, එහි පළමු කණ්ඩායමකට නීරෝගි ආහාර රටාවක් අනුගමනය කිරීම යටතේ වියළි ප්ලම් ආහාරයට ගැනීමට නියම කරන ලදි.අනෙක් කණ්ඩායමට එසේ කිසිඳු විශේෂ ආහාරයක් නියම කර තිබුණේ නැත. සති 12 ක් අවසානයේ පළමු කණ්ඩායමේ කාන්තාවන් අනෙක් කණ්ඩායමට සාපේක්ෂව රාත්තල් 4.4 කින් පමණ බර අඩුකරගැනීමට සමත්ව තිබූ බව පසුව අනාවරණය වී තිබුණි.

6.අස්ථි වල නීරෝගීබව සහ ශක්තිමත්බව ‍රැකගනියි-ඔස්ටියෝපොරෝසිස් රෝග අවදානමක් ඇති පුද්ගලයින්, විශේෂයෙන්ම කාන්තාවන් සහ වයස්ගත පුද්ගලයින් සිරුරේ අස්ථි ඛනිජ ඝනත්වය අඩුවීමක් අත්විඳිති.එක්තරා අධ්‍යයනයකදී පෲන් ආහාරයට ගැනීම ඔස්ටියෝපොරෝසිස් ආර්තවහරණයෙන් පසු අවදානමක් ඇති කාන්තාවන් හට ඇති කරන බලපෑම් සොයාබලන ලදි. එහි ප්‍රතිඵල වලදී අනාවරණය වූයේ පෲන් ආහාරයට ගැනීමෙන් මෙවැනි අස්ථි රෝග අවදානම් වළක්වාගැනීමට ප්‍රතිලාභ ලබාදෙන බවය.

7.රුධිර පීඩනය අවම අඩු කරයි-ඇතැම් අවස්ථාවල අධි රුධිර පීඩනය සම්බන්ධ පැහැදිලි රෝග ලක්ෂණ මතුනොවෙතත් ඉන් යමෙකු හට හෘද ගැටලු, අක්මාව ආශ්‍රිත රෝග සහ සිරුරේ වෙනත් ගැටලු හටගැනීමේ අවදානම වැඩිවීමට බලපෑ හැක.ඇතැම් ආහාර පාන හරහා අධි රුධිර පීඩනය නියාමනය කිරීමට හැකිය. වියළි ප්ලම් ඊට තවත් උදාහරණයකි. වියළි මිදි, වියළි රට ඉඳි වැනි වෙනත් වියළි පලතුරු සමඟ සංයෝග කර ආහාරයට ගත හැකියි( සතියකට servings 8 ක් පමණ).

8.සිරුරට හොඳ විටමින් පෝෂණයක් ලබාදේ-ස්වභාවිකව ඔබේ සිරුරේ විටමින් සමතුලිතතාව වැඩි දියුණු කිරීමට පෲන් වලට හැකියි. ඒවායේ ඔබේ ඇස් පෙනීම සහ සිරුරේ නීරෝගි වර්ධනයට සහය දෙන විටමින් A බහුලය. එපමණක් නොව විටමින් C, K, B6 ආදි ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අත්‍යාවශ්‍ය පෝෂක යහමින් අඩංගු වේ. පෲන් වල සිරුරේ සමස්ත නීරෝගි බවට හා වර්ධනයට ප්‍රතිලාභ දෙන තඹ සහ මැංගනීස් ආදි අත්‍යාවශ්‍ය ඛනිජ ලවණ ද අන්තර්ගත වේ.