ලොව පැරණිම අකුණු තාක්ෂණය රුවන්වැලි සෑයෙන් හෙළිවෙයි
අපිට වළක්වන්නට නොහැකි ස්වාභාවික උපද්‍රව බොහෝමයක් මේ ලෝකයේ තියෙනවා. ඉතින් අපිට ස්වභාවධර්මය වෙනස් කරන්නට බැහැ. අපිට ඒ උවදුරුවලින් ආරක්ෂා වෙන්නට යම් යම් ක්‍රියාමාර්ග ගැනීම පමණයි කළ හැකි වෙන්නේ. ඉතින් ඒ වගේ ස්වාභාවික අනතුරු ප්‍රභේදයක් තමයි අකුණු කියන්නේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ගත්තහම අකුණු ඇතිවීම වැඩි වශයෙන් සිදුවෙන්නේ ඊසානදිග මෝසම් වර්ෂාවත් සමඟ. ඉතින් අපි එයින් වැළකෙන්නට අකුණු සන්නායක සවි කරනවා . ඉතින් මේ අකුණු ආරක්ෂණ ක්‍රමවේදය ප්‍රායෝගිකව මුලින්ම භාවිතා කර තියෙන්නේ ලාංකිකයන් බවට අනාවරණය වෙලා තියෙනවා .ඉතින් මේ අකුණු තාක්ෂණය හෙළයන් විසින් මීට වසර 1500 කට පෙර සොයාගත් බව බොහෝ අය නොදන්නවා ඇති.
එදා රජවරු ගොඩනගපු මහ ස්තූපවලට අකුණු සැර වැදී ඇති බවක් අපි කිසිදිනෙක අසා නැහැ නේද. ඉතින් ඒ අපේ හෙළයාගේ තාක්ෂණයේ විශිෂ්ටත්වය නිසා. අද කොතරම් තාක්ෂණය දියුණු වුණත් අකුණු මුළුමනින්ම නවතාලන්නට කිසිවෙක් සමත් නැහැ. නමුත් අතීතයේ සිටම අකුණුවලින් සිදුවන විපත් වළක්වා ගන්නට භාවිත තාක්ෂණය ගැන කතා කරද්දි ලෝකයේ අන් සියල්ලන්ටම වඩා ලාංකීය අපි ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඒ ගැන කතා කරද්දී කදිම නිදර්ශනය වෙන්නේ රුවන්වැලි සෑය.

අනුරාධපුර පූජා භූමියේ වැඩ සිටින රුවන්වැලි සෑය සඳහා මේ අපූරු අකුණු තාක්ෂණය භාවිතා කර තියෙනවා. ඉතින් යුරෝපයේ ශිෂ්ටාචාර දියුණු වෙන්නටත් පෙර සිටම ආදී මුතුන් මිත්තන් මේ අකුණු සන්නායක තාක්ෂණය දැන සිටි බව මේ රුවන්වැලි සෑය සම්බන්ධයෙන් කළ පර්යේෂණවලින් මේ වෙද්දි තහවුරුවෙලා තියෙනවා. නමුත් අකුණු සැරෙන් ආරක්ෂා වෙන්නට ක්‍රමවේදයක් මුලින්ම ලංකාවේ බිහිවුණු බව ලෝකයට ඒත්තු ගැන්වීමට නම් වසර ගණනාවක් ගතවෙලා තියෙනවා.
දාගැබක අංග ගැන විමසීමේදී කොත මුදුනේ පළදවන චූඩා මාණික්‍ය ගැන අපි හැමෝම දන්නව නේ. නමුත් ඇත්තටම දාගැබකට චුඩා මාණික්‍යයක් පැළදෙව්වේ ඇයි. එදා මේ ඉදිකිරීම් ශිල්පීන්ගේ අරමුණු වෙලා තියෙන්නේ අකුණු සැරයෙන් දාගැබත් ඒ අවට ප්‍රදේශයත් ආරක්ෂා කිරීම. මේ චූඩා මාණික්‍යයේ ඉඳලා පහලට තඹ පටියක් පොලවට සම්බන්ධ වෙනවා. ඉතින් මේ කොත තනිකරම අකුණු සන්නායකයක්. වන්දනාකරුවන්ට වන්දනා කරන්නට හදලා තියෙන කොටස සම්පූර්ණයෙන්ම අකුණුවලින් ආරක්ෂිත වෙනවා එමගින්. ඉතින් අපේ හෙළයන්ගේ මේ තාක්ෂණයය ලෝකයටම කියන්නට වසර දහයක් තිස්සේ පර්යේෂණ කණ්ඩායම්වලට පර්යේෂණ කරන්නට සිදුව තියෙනවා.
ලංකාවේ පැරණිම අකුණු තාක්ෂණය ගැන යම් යම් තොරතුරු මහාවංශයෙන් ද හෙළිව තියෙනවා. ඒ අනුව අනුරාධපුර යුගයේ දී දාගැබ් අකුණු සැරයෙන් ආරක්ෂා කරගන්නට චූඩා මාණික්‍ය සවි කළ බව සඳහන්. ඒ විතරක් නොවෙයි රුවන්වැලි සෑයේ ආරක්ෂාව සඳහා පළමු සංඝතිස්ස රජු වජ්ර චුම්බ නම් උපකරණයක් සවි කළ බවත් මහාවංශය සඳහන් කර තියෙනවා. වජ්ර චුම්බම යන්නට අනුව එහි අර්ථය අකුණු ආකර්ෂණය කරන උපකරණය යන්නයි. ඒ අනුව එය අකුණු චුම්බක යන අර්ථයත් ගෙන දෙනවා.
මහාවංශය කියන විදියට ඉන්පසුව බලයට පත් රජවරුන් බොහෝ දෙනෙක් මේ දාගැබ්වල ආරක්ෂාව සඳහා වජ්ර චුම්බම කියන උපකරණය සවිකර තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 437- 455 පාලනය ගෙන ගිය ධාතුසේන රජු රුවන්වැලි මහා සෑයට වජ්ර චුම්බම යන උපකරණය සවි කර තියෙනවා. ඒ වගේම අභයගිරියට වගේම ජේතවනාරාමයටත් ධාතුසේන රජු විසින් මේ උපකරණය සවි කර තියෙන බව සඳහන් වෙනවා. පසුකාලීනව රජ බවට පත්වෙන මහානාග රජුත් පෙර ආකාරයෙන්ම මේ ප්‍රධාන ස්ථූප තුනටම වජ්ර චුම්බම උපකරණ සවිකර ඇති බව කියවෙනවා.
ඉතින් මේ කරුණු මහාවංශය තුළින් මුලින්ම අනාවරණය කර ගන්නේ ජර්මන් ජාතික ප්‍රවීණ ශාස්ත්‍රඥයෙක් වුණු විල්හෙම් ලුඩ්විග් යයිගර් විසින්. ඔහු විසින් මේ අපූරු තාක්ෂණය ගැන සොයා බැලීමෙන් පසුව වාස්තු විද්‍යාඥ ඒ. එස්. අමේන්ද්‍රා විසින් පැරණි ස්තූපවල අකුණු ආරක්ෂණ තාක්ෂණය ගැන සැලකිය යුතු සොයා ගැනීම් රැසක් ද සිදු කළත් ස්තූපවල ආරක්ෂාව සැලසුණු ආකාරය ගැන නම් පැහැදිලි කිරීමක් අනාවරණය කිරීමක් තවමත් සිදුවෙලා නැහැ.
ලංකාවේ අකුණු ආරක්ෂණය සම්බන්ධ පර්යේෂණයට නායකත්වය දුන්නේ ශ්‍රී ලාංකේය මහාචාර්ය චන්දිම ගෝමස් මහතා. නමුත් මේ පර්යේෂණය සිදු කරන්නේ මැලේසියාවේ පුත්‍රා විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන්. ඒ අශේන් ගෝමස්, මැලේසියානු සයිනල් කදීර් සහ ඉරාන ජාතික මේයි ඉසාදී යන අය සමඟින් .මේ අකුණු ආරක්ෂණ ක්‍රියාවලිය ගැන සිද්ධාන්තමය සහ පර්යේෂණික අධ්‍යයනයක ඔවුන් නිරතවුණා. ඒ අනුව ඔවුන් මේ චූඩා මාණික්‍ය රැද වූ ලෝහ කරඩුවේ අක්ෂය කේන්ද්‍ර කරගෙන ගොඩ නැගෙන සමමිතික හැඩය අකුණු පොලොව වෙත ගෙනයන්නට ආරක්ෂාකාරී මාර්ගයක් නිර්මාණයට ඉවහල් වි ඇති බව පෙන්වා දුන්නා.

ඉතින් මේ පර්යේෂණයේ නිරත වුණු මහාචාර්ය ගෝමස් පවසන විදියට අක්ෂය පදනම් කරගෙන හුණු බදාමයෙන් ගොඩනැගූ සමමිතික ආකෘතියේ ඇති පුළුල් මතුපිට හරහා අකුණක් ඇති විදුලිය තුනී ලෙස බෙදා හරින්නට එදා හෙළයන් කටයුතු කළ බව. ඉතින් ඒ අනුව ඔහු තහවුරු කරන්නේ මේ අකුණු ආරක්ෂණ ක්‍රමවේදය ඉතා විශේෂ වූත්, අද පවතින ක්‍රමයට වඩා වෙනස් වූත්, වැඩි ඵලදායිතාවයක් සහ අඩු පිරිවැයක් සහිත වූත් අපූරූ තාක්ෂණයක් බවයි.
මේ සම්බන්ධ පර්යේෂණවල දී ඉහළ වෝල්ටීයතාවයකින් යුක්ත විද්‍යාගාරයක රුවන්වැලි මහා සෑයේ ආකෘතියක් යොදා ගනිමින් අකුණු ආරක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නවතම සොයා බැලීම් සිදුකරනු ලබනවා. කොහොමවුණත් ඒ පර්යේෂණ හෙළයන්ගේ අපූරු තාක්ෂණය ලොවට මහත් ආඩම්බරයෙන් පවසන්නට සවියක් වෙනවා නිසැකයෙන්ම.
ඉතින් එදා ලාංකිකයන් යොදාගත් අකුණු තාක්ෂණය හා සමාන අකුණු තාක්ෂණයක් බටහිර විද්‍යාව තුළ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විසින් හඳුන්වා දුන්නා. ඒ තියුණු තුඩක් වැනි ස්ථානයක් සකස් කර එයින් වලාකුලක ඇති ආරෝපණය ආකර්ශණය කරන්නට.එයින් අකුණු සැර වැදීම වළක්වන්නට ඔහු උත්සාහ කළා. ගොඩනැගිල්ලේ ඉහළම ස්ථානයේ සිට අඩි හයක් හතක් පමණ අහසට නැගුණ යකඩ කූරක් පිහිටුවා එහි අනෙක් කෙළවර තෙත් බිමක අඩි තුන හතරක් යටට බැස්සවීමෙන් අකුණු සන්නායක් නිර්මාණය කර ගන්නට ඔහු කල්පනා කළා.ඒ අනුව ගොඩනැගිල්ල දිගින් වැඩි නම් එහි මුදුන් කිහිපයකම අකුණු සන්නායක සවි කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ බටහිර විද්‍යාව තුළ අකුණු සැරයෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේදයට තියෙන්නේ සීමිත ඉතිහාසයක් මිස රුවන්වැලි සෑයේ තාක්ෂණය තරම් දීර්ඝ ඉතිහාසයක් නොවෙයි.
ඉතින් මේ පර්යේෂණවලින් හෙළිවන කරුණු සමඟ ලොව ප්‍රථමයෙන්ම අකුණු සන්නායක භාවිතා කර තියෙන්නේ ලාංකිකයන්. ඇමරිකාවේ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් අකුණු සන්නායකයක් නිපදවන්නේ ක්‍රි .ව. 1753 දී. නමුත් දැනට වසර 1800 ට පමණ පෙර ලාංකීය ශිල්පීන් ඉදිකළ අකුණු සන්නායකය ලෝකයේ පළමු අකුණු සන්නායකය විදියට සැලකීම සාධාරණ වේ.