ඇතැම් අවස්ථාවල ඇස් කෙවෙන ගතියක් ඇතිවීමට හේතු 4 ක්
ඇහිපිය කෙවෙන ගතිය එහෙමත් නැතිනම් ඇහැ නටන ගතිය කියා හඳුන්වන්නේ ඇහිපිය ආශ්‍රිත මාංශ පේශීයක් සංකෝචනය වීමේදී අනිච්ඡානුගව (ඉබේම) ඇතිවන ගැස්මකටයි.මේ සියුම් චලනයවීම් මිනිත්තු කිහිපයක් වැනි සුලු කාලයකදී ඉබේම ඇතිවී නැතිවී යයි.නමුත් ඇතැම් අවස්ථාවල මේ තත්වය ඉතා කරදරකාරී වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම තවත් පිරිසක් ඉදිරියේදී ඔබේ ඇස් වලට මෙවැනි තත්වයක් ඇතිවීම ඔබව අපහසුතාවට පත්කරවන්නට ඉඩ තිබෙනවා.ඇත්තටම ඇස් කෙවෙන්නේ ඇයි? එය නතර කරගැන්නේ කොහොමද?
- ඔබ ආතතියෙන් පෙළෙන නිසා විය හැකියි

ඇස් කෙවෙන ගතිය සිරුරේ තෙහෙට්‍ටුව හා ආතතිය වගේ හේතු නිසා පැනනගින තත්වයක් විය හැකියි.ඇස් කෙවෙන ගතිය ඇතිවීමට බලපාන වඩාත් පොදු හේතු ලෙස සැලකෙන්නේ ද මේවායි.ඒ නිසාම ආතතිය දුරුකරවන අභ්‍යාස වල නිරතවීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම අක්ෂි ව්‍යායාම හා ගැඹුරු ශ්වසන අභ්‍යාස ඉතා ඵලදායි.ඒ වගේම දිනපතාම හොඳ ගුණාත්මක නින්දක් ලබාගන්නට උත්සහ කළ යුතුයි.
- ඇතැම් විට ඔබේ ඇස් වල ආසාත්මිකතාවක් ඇතිවී තිබෙනවා විය හැකියි

ඇස් වල ආසාත්මිකතාවක් ඇතිවූ විට එහිදී ඇතිවන කැසිල්ල, කඳුලු පිරීම හා ඇස් ඉදිමීම වගේ ලක්ෂණ නිසා දැනෙන අපහසුතාව මගහැරගන්නට බොහෝ අය ඇස් තදින් ඇතිල්ලීමට හෝ කැසීමට පෙළඹෙනවා.මේ ක්‍රියාව නිසා කඳුලු තරලයට හා ඇහිබැමි පටක වෙත හිස්ටමීන් මුදාහැරෙන්නට පටන්ගනියි.එහි ප්‍රතිඵලයක් ලෙස ඇස් කෙවෙන්නට පටන්ගනියි.
ඇතැම් eye drops වර්ග භාවිතයෙන් මේ අපහසුතාව සමනය කරගත හැකි වුවත් ඇතැම් වර්ගයේ ඒවා ඔබේ ඇස් වඩාත් වියලි කරවිය හැක.ඉතින්, ඒ නිසා වඩාත්ම සුදුසු වන්නේ අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යොමුවී නිසි ප්‍රතිකාරයක් ලබාගැනීමයි.
- ඔබ දවසේ වැඩි කාලයක් ඩිජිටල් තිර ඉදිරියේ ගත කිරීම නිසා වෙන්නට පුළුවන්

පරිගණකය, ස්මාර්ට් දුරකථනය හෝ වෙනත් ඩිජිටල් උපාංග අධික වෙලාවක් තිස්සේ එක දිගට භාවිතා කිරීමෙන් ඔබේ ඇස් විඩාවට පත්වෙයි. මෙය ඇස් කෙවෙන ගතිය ඇතිවීමට තුඬු දෙයි.ඇස් විඩාවට පත්වීම වළක්වාගැනීමට නම් “20-20-20 රීතිය” අමතක නොකළ යුතුයි!
එය සිදුකරන්නේ මේ ආකාරයටයි. ඔබ තිරයක් ඉදිරියේ සිටින විටදී, සෑම මිනිත්තු 20 කට වරක්ම තිරයෙන් ඉවතට ඔබේ ඇස් වල අවධානය යොමුකළ යුතුයි. අවම අඩි 20 ක් පමණ ඈතින් ඇති වස්තුවක් දෙස තත්පර 20 ක් (හෝ ඊට වැඩි කාලයක්) බලාගෙන සිටින්න.
ඇහැ නැටීම දිගටම පවතියි නම් ගැස්ම නතර කරගැනීමට ඇහිපිය මත උණුසුම් යමකින් තවන්න.මෙමඟින් කෙවෙන ඇස වටා මාංශ පේශී ලිහිල්වීමට අවශ්‍ය සහය දෙයි.
- ඇස් වියලීම නිසා

වියලි ඇස් තත්වය ද ඇස් කෙවෙන ගතිය ඇතිවීමට සම්බන්ධයි.වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් තුළ, වැඩි කාලයක් පරිගණකය භාවිතා කරන අය තුළ හා ඇස් කාච පලඳින අය තුළ මේ ඇස් වල වියළිබව පොදු ගැටලුවකි.
ඔබේ ඇස් වල කෙවෙන ගතිය, අධික වියලි බවක් දැනීම හා ඇස් වල රළු යමක් ඇතිබව දැනීම වගේ ලක්ෂණ අත්දකියි නම් අක්ෂි විශේෂඥයෙකු වෙත යොමු වී සුදුසු ප්‍රතිකාර ලබාගන්න.
ඇස් කෙවෙන ගතිය බොහෝ විට සියුම් බරපතල නොවන තත්වයන්ය.නමුත්,
- ඔබේ ඇස් කෙවෙන ගතිය දුරුවී නොයයි නම්,
- ඇස් කෙවෙන ගතිය නිසා ඇහි පිය වැසී යයි නම්,
- මුහුණේ හෝ සිරුරේ වෙනත් ස්ථානයකද ගැස්ම තත්වයන් ඇතිවෙයි නම්,
- ඇස් රතුවී හා ඉදිමි ඇත්නම් හා ඇස් වලින් දියරමය ස්‍රාවයක් ගලයි නම්,
- ඇස් වල පෙනීමේ අපැහැදිලි ගතියක් අත්දකියි නම්,
වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට කටයුතු කිරීම ඉතා වැදගත්ය.
(*මෙය දැනුම පිණිස පමණක් වන බැවින් අපහසුතා අත්දකින්නේ නම් මුළින්ම වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත්ය)